හොර පාරෙන් ගොස් අමාරුවේ වැටුනු ක්‍රිකට් කණ්ඩායම මෙන්න
ඉන්දියාව සමග පැවැත්වීමට
නියමිත එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අබැද්දියක් වී තිබෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම කණ්ඩායමක් තරගාවලියකට එක්වන්නේ නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ
අනුමැතිය ලබාගත යුතුයි. ඒ තරගාවලියට හෝ තරගයට දින 21 කට පෙරයි. එහෙත් ශ්‍රී ලංකා
එක්දින ක්‍රිකට් කණ්ඩායම අද සවස වන තුරු එම අනුමැතිය ලබා තිබුනේ නැහැ. එහෙත් ඊයේ
රාත්‍රියේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කර තිබුණා. ක්‍රිකට් කණ්ඩායම්
සදහා සාමාන්‍යයෙන් විරෝධයන් මතුවන්නේ නැහැ. මේ අනුව පිටත්ව යාමට පෙර අනුමැතිය
අවසන් මොහොතේ ලබා ගැනීම පුරුද්දක්ව තිබුණා.
මෙලෙස තිසර පෙරේරාගේ
නායකත්වයෙන් යුතු එක්දින සංචිතය ඊයේ රාත්‍රියේ කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර
ගුවන් තොටුපලට ගියේ ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය අවසන් මෙහොතේ හෝ ලැබෙනු ඇතැයි ක්‍රිකට්
ආයතනය දැනුම්දීම අනුවයි. ඉතිහාසයේ පළමුවරට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළා. මේ අනුව කණ්ඩායමට සිදුවූයේ යලි හැරී පැමිණ නිවෙස්
වෙත යාමටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අත්තනෝමතික පාලනයක්
ගෙන යන බවට මෙය සාධකයක්. එමෙන්ම එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එක්කළ කලු පැල්ලමක්.
මෙම සිදුවීමෙන් පසු එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර තිබෙනවා.
No comments