මාලිංග IPL කණ්ඩායමෙන් දොට්ට
ශ්‍රී ලංකාවෙන් බිහිවූ
විශිෂ්ඨ වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට්
තරගාවලියේදී නියෝජනය කරන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. ඔහු පසුගිය වසර 04 දී
මෙම කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දක්ෂතා දැක්වූවා. ඉන්දීය ප්‍රිමිය ලීග්
තරගාවලියේදී කඩුලු 150 ක් දවාගෙන ඇති මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රභලම
සාමාජිකයා ලෙසයි සැලකුනේ. එහෙත් මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේදී
ලසිත් මාලිංගව ක්‍රීඩක වෙන්දේසියට යොමුකිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය
කර තිබෙනවා.
මෙම කණ්ඩායමේ හිමිකරු
මුකේෂ් අම්බානි පවසා ඇත්තේ තරගාවලියේ නීති රීති අනුව එක් කණ්ඩායමක ක්‍රීඩකයකුට
උපරිම සිටිය හැකි වන්නේ වසර 05 ක් පමණයි. මේ අනුව ක්‍රිඩක වෙන්දේසියට මාලිංගව
නිදහස් කළ බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් පසුගිය තරග 11 කදී ඔහු දවා ගෙන ඇත්තේ
කඩුලු 11 වීම මේ පිටුපස ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසා ඇත්තේ. ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට
වසරකට ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් මාලිංගට
හිමිව ඇතැයි සදහන්. දක්ෂතා අඩු ක්‍රීඩකයකු මෙතරම් මුදලකට මිලදී ගත යුතු නැතැයි
ඔවුන් සිතනවා විය හැකියි.
No comments