• Breaking News

    කෝලි කළ නිග්‍රහය සහ ඉන්දිය ක්‍රිකට්වලට ආ බූමරංගය

    ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව අසීරු අඩියකට වැටී සිටිනවා. මෙම තරගය ආරම්භයට පෙර කණ්ඩායම් දෙකම ජාතික ගීත ගායනා කළා. ඉන්දියාව ජාතික ගීය ගායනා කරන විට එරට නායක විරාත් කෝලි චුයින් ගම් එකක් හපමින් සිට තිබෙනවා. එය ඉන්දීය මාධ්‍ය කැමරා කාචයේ සටහන්වී ඇත්තේ අහම්බයෙන්. කෙසේ වෙතත් එය සමස්ථ ඉන්දියාවට ඔහු සිදුකළ කැලක් බවත් එහි සදහන්. මින් බොහෝ ඉන්දියානුවන්ගේ පිලිකුලට කෝලි භාජනය වී ඇති බවයි මාධ්‍ය වාර්ථා කරන්නේ.
    මේ අතර මෙම තරගයට තණතීරුව සකස් කලේ එලබෙන ඉන්දීය සංචාරයක් ඉලක්ක කර ගෙනයි. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ දකුණු අප්‍රිකාවේදීයි. කොල්කටා හි තණතීරුව තණකොළ සහිත වීම හේතුවෙන් කාසියේ වාසිය වාසිය දිනා පන්දු යැවීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමත් සමගින් ඉන්දියාව අසීරු අඩියකට ඇද වැටුනා. එහෙත් තරගයට වර්ශාවෙන් භාධා එල්ලවීම ඉන්දීයාව පරාජය වැලකීමට හේතුවී අවසන්.

    තරගයේ පළමු දිනයේ ක්‍රියාත්මක වූයේ පන්දුවාර 11 වූ අතර දෙවන දිනයේ එය පන්දුවාර 22 ක් වුණා. කඩුලු 05 ක් දැවී ලකුණු 74 ක් පමණයි දෙවන දිනය නිමා වෙද්දී ඉන්දියාව පළමු ඉනිමට ලබා සිටින්නේ.  සුරංග ලක්මාල් කඩුලු 03 ක හිමිකරු වන අතර දසුන් ශානක කඩුලු 02 ක හිමිකරුයි. මෙලෙස ඉන්දීය ඉනිම හතර ගාතේ ඇද වැටී ඇත්තේ ශ්‍රී ලංකාවට කැපූ වලේ ඔවුන්ම ඇද වැටීම හේතුවෙනුයි.

    No comments