• Breaking News

    ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමලිංගික විවාහයක

    සමලිංගික ආශාවන් ඇති බොහෝ දෙනෙකු මේ වන විට ඕස්ට්‍රේලියාව සිය නිජ බිම බවට පත්කර ගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඕස්ට්‍රේලියාව පසුගියදා සමලිංගික විවාහ නිතිගත කළා. මේ අනුව හැංගි හැංගි කම් සැප වින්ද සමලිංගික යුවල බොහෝමයකට නිත්‍යානුකූලව කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකාව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමග විවාහ වීම සහතික කර තිබෙනවා. ඔවුන් දෙදෙනා ලබන 03 වැනිදා ඕස්ට්‍රේලියාවේදී විවාහ වීමටයි දින නියම කර ඇත්තේ.

    ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ඇලෙක්ස් බ්ලැක්වෙල් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා ලින්සි අසාඩ් සමග අතිනත ගන්නා උත්සවයට බොහෝ දෙනෙකුට ආරාධනා කර අවසන්. ඔවුන්ගේ පවුල්වල නෑදෑයන් සහ හිතවතුන් ඊට එක්වීමට නියමිතයි. 

    No comments