පාකිස්ථානයේදී ශ්‍රී ලංකාව රිදියෙන් සැරසේ
පාකිස්ථාන ජාත්‍යන්තර
විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා කේවල තරගයේ රිදී පදක්කම දිනා ගත් හසිනි
අම්බලන්ගොඩ අද දිවයිනට පැමිණියා. මෙම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ පාකිස්ථාන ක්‍රීඩිකාවයි.
රටවල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ලාමාබාද් නුවර පැවති තරගාවලියට
එක්ව සිටියා. එහෙත් තරගාවලියට මෙරටින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු එක්වීමට
නියමිතව සිටියා. ඔවුන් එරට ආරක්ෂාව හොද නැතැයි එක්වූයේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායමද පාකිස්ථානයේ සංචාරය කළ බව ඔවුන්ට අමතක වෙන්න ඇති. නැත්නම් පරාජය වීමට
එතරම් දුර යා යුතු නැතැයි ඔවුන් සිතුවාද දන්නේ නැහැ.
No comments