ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය අදුරුවේ
ශ්‍රී ලංකා ක්‍රිකට්
කණ්ඩායම මේ දිනවල පරාජයන් රැල්ලකට මුහුණ දී සිටිනවා. මේ අපලය මෙරට යොවුන් ක්‍රිකට්
ක්‍රීඩකයින්ටත් බලපා අවසන්. වයස අවුරුදු 19 න් පහළ ආසියා කුසලාන ක්‍රිකට්
තරගාවලියෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉවතට විසිවී තිබෙනවා. ඔවුන් පාකිස්ථානයට පමණයි පරාජය වී ඇත්තේ. මේ අතර ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායමත් ඉවතට
විසිවුණා. ඔවුන් නේපාල ක්‍රිකට් කණ්ඩායම හමුවේ පරජය වීම ඊට හේතුවයි.
තරගාවලියේ අවසන් පූර්ව තරගයන්ට බී ඛාන්ඩයෙන් සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයයි.
බංග්ලාදේශය හා නේපාලය ඒ ඛාන්ඩයෙන් සුදුසුකම් ලබා අවසන්. මේ අනුව ටෙස්ට් වරම් දිනා
නොගත් ආසියානු රටවල් දෙකක් ආසියාවේ ප්‍රභලයින් අතරට එක්වීම විශේෂත්වයක් ලෙසයි
විචාරකයින් පවසන්නේ.
No comments