• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ඇෆ්ගනිස්ථානය අතේ

    ආසියානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිහිනය ඇෆ්ගනිස්ථාන අතට පත්ව තිබෙනවා. කණ්ඩායම් 08 ක් තරග වදින තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ බී ඛාන්ඩයයි. මූලික වටයේ අවසන් තරගයට ශ්‍රී ලංකාව අද තරග වැදුනේ පාකිස්ථානය සමගයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 141 යි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට ආසන්නයේ තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වුණා. ඒ ජයග්‍රාහනයට ලකුණු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 03 ක් දැවී යාමත් සමගයි. මේ අනුව කඩුලු 07 ක් දැවී ලකුණු 142 ක් ඔවුන් ලබා ගත්තා. මේ අනුව ප්‍රසාද ලකුණු 04 බැගින් ලබා පළමු තැන පාකිස්ථානයත් දෙවන තැන ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා. එක්සත් එමීර් රාජ්‍ය සමග හෙට පැවැත්වෙන තරගයේදී ඉහළ ලකුණු පරතරයකින් ඇෆ්ගනිස්ථානය පරාජය කළහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ ගෙදර පැමිණීමටයි. 

    No comments