• Breaking News

    මල්ලිව අමතකවී ඇමති අර්ජුන කුජීත වෙයි

    ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වුණා. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට එරහිව අදහස් දැක්වීමට ගොස් අකරතැබ්බ ගණනාවකට ලක්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී තිලංග සමගින් අර්ජුන තරග කළා. එහිදී අන්ත පරාජයකට ලක්වීමටයි 96 ක්‍රිකට් ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුනට සිදුවුණේ. එතැන් සිට වත්මන් ක්‍රිකට් ආයතන පාලනයට එරහිව හඩ නැගීම ඔහු ආරම්භ කළ බව රහසක් නොවේ.
    මෙරව විවාදයේදී ඔහු කියා සිටියේ ක්‍රිකට් ආයතන නිලධාරීන් කිහිපදෙනෙකු වෙනත් තණතුරු ද දරණ බවයි. තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි තරග තීරකයකු ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය උපදේශක රංජන් පරණවිතාන යොවුන් ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු වනවා. ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික මෙන්ම CCC ක්‍රීඩා සාමාජයේ සභාපතියි. මෙය සදාචාර විරෝධී ලෙස පෙන්වාදුන් අමාත්‍ය අර්ජුනට සිය මල්ලී වන නිෂාන්ත රණතුංග මෙහි නිර්මාතෘ බව අමතක වුණා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස නිෂාන්ත රණතුංග කටයුතු කළ සමයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ නාලිකාවක් ලෙස ආරම්භ කළ CSN ආයතනයේ ප්‍රධාන විධායක වූයේ ද ඔහුමයි. මේ හේතුවෙන් ක්‍රිකට් තරග විකාශය එම නාලිකාවට පමණක් හිමිවුණා. ඒ සදහා මෙරට නීති රීතිද වෙනස් වුණා. අමාත්‍ය අර්ජුනට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක්. කවුරුන් හෝ ඒ අතීතය මතක් කර දිය යුතුයි.
    ආසියානු ක්‍රිකට් කුසලානයේදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයෙන් පරාජය වූ බව අමාත්‍ය අර්ජුන පාර්ලිමේන්තු විවාදයේදී පැවසුවා. ඒ කිසිවකු ලබාදුන් වැරදි තොරතුරකට අනුවයි. මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ඇෆ්ගනිස්ථානයයි. කෙසේ වෙතත් ඔවුන් පළමු වටයේදී පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාව හමුවේ පමණයි. පාකිස්ථානය හමුවේ පරාජය වීමෙනුයි ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු වටයෙන් ඉවතට යාමට සිදුවුණේ. මේ අනුව අමාත්‍ය අර්ජුන කිසිවක් නොදැන කියවන්නකු බව යලිත් සනාථ වුණා.

    No comments