• Breaking News

    එක්දින නායකත්වය තිසරට ?

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබාදීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ නම යෝජනා වී ඇත්තේ වත්මන් නායක උපුල් තරංග නායකත්වයේදී දක්වන අසාර්ථක වීම හේතුවෙනුයි. පසුගිය දිනවල ක්‍රීඩකයින් රැසකගේ නම් නායකත්වයට යෝජනා වුණා. ඒ පිලිබද තේරීම් කමිටුවේ දීර්ඝ ලෙස සාකච්ජා වුණා. මේ අතර ඇතැමුන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට එක්දින ක්‍රිකට් නායකත්වය ලබාදීමට සූදානම් වන බවත් ප්‍රචාරය කළා. එහෙත් තේරීම් කමිටුවේදී ඔහුගේ නම කියවුනේ නැහැ. පන්දුවාර 20 නායකයා ලෙස කටයුතු කරන්නේද තිසර පෙරේරායි.

    මේ වන විට ඉන්දීය තරග සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක්දින ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ මුල් දින කිහිපයේදී එක්කළ යුතුයි. ලබන 30 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කරනු ඇති. ඊට පෙර නායකයා නම් කළ යුතුයි. ඒ සංචිතය නම් කිරීමේදී නායකයාගේ අදහස් ලබා ගැනීම හේතුවෙනුයි. මේ අනුව අනිද්දා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා එක්දින කණ්ඩායමේ නායකයාගේ නම ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් වත්මන් එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබාදීම පිලිබද ඉදිරි දින කිහිපයේදි වැඩිදුරටත් සාකච්ජා වනු ඇති.

    No comments