දයාසිරිගේ දයාවේ හෙනය
තහනම් උත්තේජක භාවිත කර
ඇතැයි ක්‍රීඩකයින් 05 දෙනෙකු මේ වන විට තහවුරු වී තිබෙනවා. 43 වන ජාතික මහා ක්‍රීඩා
උළලේ දී කායවර්ධන ඉසව්වට එක්වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු තහනම් උත්තේජක භාවිත කර
ඇතැයි තහවුරු වීමත් සමගයි මෙම සංඛ්‍යාව වැඩි වූයේ. ටී කේ ඕමින්ද සහ ජෝසප් රොෂාන්
මෙලෙස හසුවූ ක්‍රීඩකයින් වනවා. ඔවුන් දෙදෙනාට වසර 04 ක තරග තහනමක් ලබාදීමටයි
කටයුතු කර ඇත්තේ.
කායවර්ධන ලෝක ශුරතාවට
යාමට සිටියදී තහනම් උත්තේජක පරීක්ෂාවන් මග හැර තමන් තහනම් උත්තේජක භාවිතා කරන බව
පැවසූ ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාට මෙතෙක් කිසිදු දඩුවමක් ලබා දී නැහැ. එම ක්‍රීඩකයා හොර පාරෙන්
ආසියානු තරගාවලියකට ගෙස් රන් පදක්කම දිනා පැමිණිවිට අමාත්‍යවරයා සාදරයෙන් පිලිගත්තා.
ඔවුන් මේ පිලිබද සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් ප්‍රචාරයක් ලබාදීමටත් කටයුතු කළා. එහෙත්
තහනම් උත්තේජක මැඩලීමට ක්‍රීඩා අමාත්‍යංශය ගෙන ඇති පියවර හෝ තහනම් උත්තේජක මැඩලීමේ
ජාතික ආයතනය ගන්නා පියවර මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ. මෙය ක්‍රීඩකයින්ට වැරදි පූර්වා
දර්ශයක් වුණා. ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාට එදා දඩුවමක් ලබා දුන්නේ නම් මෙවර ජාතික
මහා ක්‍රීඩා උළලේදී මෙවැන්නන් හසු නොවනු ඇති. ක්‍රීඩකයින් දෙදෙනාට තහනම් උත්තේජන
ලබා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බවයි මේ අනුව පෙනී යන්නේ. මෙම ක්‍රීඩකයින්ට දඩුවම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට ඇති සදාචාරාත්මක අයිතිය බොහෝ දෙනෙකු ප්‍රශ්න කරනවා. තහනමට ලක්වූ මෙම ක්‍රීඩකයින් දෙදෙනා හොර පාරෙන් තරගාවලියකට ගොස් ජය ගත් විට එයත් අමාත්‍යවරයා මෙලෙස පිලිගන්නවාද ? අපේ රටේ ක්‍රීඩාවට අනිච්චා වත සංඛාරා.
හොරු සමග හෙලුවෙන් සිටිමින් ක්‍රීඩා අමාත්‍යවරයා එදා ලබා ගත් ඡායාරූපය.
No comments