ඇමති දයාසිරි ඇමති අකිල හැප්පෙයි
"ක්‍රීඩා
ශක්ති" පුහුණු මධ්‍යස්ථාන සහ දිස්ත්‍රික්
පුහුණු මධ්‍යස්ථාන සදහා ක්‍රීඩා උපකරණ ලබාදීම "ක්‍රීඩා
ශක්ති ඉදිරි දැක්ම" පිළිබද සාකච්ඡා කිරීම අද (20) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා
දිස්ත්‍රික් නිළධාරීන් හා පුහුණුකරුවන් රැසක් සම්බන්ධ වී සිටියා.
මෙහිදී අදහස් දැක්වු ක්‍රීඩා
අමාත්‍යවරයා
" ක්‍රීඩා
අමාත්‍යංශය විසින් පාසැල් 316ක දරුවන්ගේ දක්ෂතා හදුනාගැනීමේ ක්‍රියාවලිය සිදු
කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඔක්කොම එකට එකතුවෙලා හදන දරුවන් තමයි අවසානයේ රට
නියෝජනය කරන්නේ. දරුවන්ගේ අඩුපාඩුකම් තියෙනවද, නැත්නම්
පුහුණුකරුවන්ගේ අඩුපාඩුකම් තියෙනවාද. ක්‍රියාකරකම්වල ප්‍රශ්ණයක්ද නැත්නම් එහෙම
වෙන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. මේ කාරණා මේ මාස දෙක ඇතුළත සොයා බලා ඉටුකර ලබන
ජනවාරි මාසයේ ඉදන්වත් පටන් ගන්න වෙයි. මෙම වැඩසටහන හොඳයි, ක්‍රියාකාකම් ටික හරි, හැබැයි එහි ප්‍රතිඵලය
පිළිබදව මටනම් ප්‍රශ්ණයක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ඔබ සියලු දෙනාම කටයුතු කළ
යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අනිත් කාරණය තමයි පැසැල් 316 තුල මෙම ක්‍රියාකරකම්
කරනකොට අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක යම් දුරක් ආවා. අපි යවලා තියෙනවා රුපියල්
මිලියන 27ක්. තවමත් එහි චෙක් ටික ලියා ගන්න ඔවුන්ට බැරිවෙලා තියෙනවා. මම මීට පස්සේ
බැලුවේ පළාත් සභාවට මුදල් ටික යැව්වනම් පළාත් සභා වලින් ගන්න එක ලේසියි. නැත්තම්
මේක ලොකු ප්‍රශ්ණයක් බවට පත්වෙලා තියෙන්නේ. මීට අමතරව ලබන අවුරුද්දේ වෙන් කරලා
තියෙන මුදල් වලින් මම බලන්නේ පාසැල් 316ට තවත් අවශ්‍ය කරන ක්‍රීඩා භාණ්ඩ රැසක් ලබා
දෙන්නයි. "
මෙහිදී ක්‍රීඩා භාණ්ඩ
ලබාදීම මෙන්ම මෙම වැඩකයුතු සාර්ථකව කරගෙන යෑමට ඇමත්‍යවරයා උපදෙස් ලබාදුන්නා. ක්‍රීඩා
පුහුණුකරුවන්ගේ ගැටළු ඍජුවම ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්ථාව ලබා දී තිබුණා.
No comments