• Breaking News

    හතුරුසිංහ ලංකාවට එන රහස

    බංග්ලාදේශය තවදුරටත් එරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීමක් අපේක්ෂා නොකරන බව අද නිවේදනය කළා. ඔහු පුහුණුකරු තනතුරට පයින් ගැසූ බව පසුගියදා මාධ්‍ය වාර් ථා කළා. කෙසේ වෙතත් ඉන් ඉල්ලා අස්වීමට හේතුව එහි දක්වා තිබුනේ නැහැ. බංග්ලාදේශය මෙතෙක් කල් බලා සිටියේ කිසියම් ගැටළුවක් වේ නම් එය සාකඡ්ජා  කර විසදා ගැනීමටයි. එහෙත් මෙතෙක් චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වී නැහැ. මේ හේතුවෙන් තවදුරටත් ඔහුගේ පැමිණීම බලා සිටිය නොහැකි බවයි එරට ක්‍රිකට් ආයතන සභාපතිවරයා පවසන්නේ.

    චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශය හැරදා පැමිනෙන්නේ සිය රට වෙනුවෙන්ද / නැත්නම් අසනීප වී සිටින මව ලගින් සිටීමට අවශ්‍ය වීම හේතුවෙන්ද නෙඑසේනම් දේශපාලන උවමකාවකට හසුවීමෙන්ද යන්න දන්නේ ඔහු පමණයි. ඉල්ලා අස්වන විට ලෝකයේ වැඩිම වැටුපක් හිමිවන ක්‍රිකට් පුහුණුකරු ලෙසයි ඔහු සිටියේ. එය රුපියල් වලින් නම් ලක්ෂ 40 කට වඩා වැඩි මාසික වැටුපක්. මෙරටදී එවැනි මාසික වැටුපක් ලබා දීමට අවශ්‍ය නැති බව හතුරුසිංහ මහතා ප්‍රකාශ කළ බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගියදා පැවසුවේ. ඉන් ඔහුට සුපිරි වැටුපක් හිමි නොවන බව තහවුරුයි. බොහේ දෙනෙකු පවසන්නේ සියදිවි නසාගැනීමක් බවට මෙය පත්වීමේ අවධානමක් ඇති බවයි. කලක් මෙරට සහය පුහුණුකරු ලෙස සිටි ඔහුව ඉවත්වන තැනට වැඩ කලේද එවකට සිටි ක්‍රිකට් බලධාරීන් බව රහසක් නොවේ. යලිත් එවන් තත්වයක් ඇති නොවනු ඇතැයි ලබා දිය හැකි සහතිකය කුමක්ද ?

    No comments