හතුරු වෙනුවෙන් BCB වෙත SLC යැවූ ලිපිය
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේදී චන්දික හතුරුසිංහ මහතා සමග විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. එහි සභාපති
තිලංග සුමතිපාල මහතා සමග පැවති මෙම සාකච්ජාවේදී කරුණු රැසක් වෙත අවධානය යොමුවී
තිබෙනවා. පැය තුනක් පැවති මෙම හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ
මතිවානන් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා එක්ව තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වන බව චන්දික හතුරුසිංහ
මහතා දැනුම් දුන්නත් ඊට මෙතෙක් අවසර දී නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්වී
ඊට අවසර ලබා ගන්නා ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ. ඊට අදාලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
බංග්ලාදේශයට යැවූ ලිපිය පහතින්.
No comments