• Breaking News

    NOC සටනේ මැක්සි පිදුරු ගහක එල්ලේ

    කල දුටු කළ වල ඉහගන්නව කියන කථාව ඔබ අහල ඇති. පැරැන්නෝ මෙහෙම කිව්වේ කට කහනවට නෙමෙයි. ඒ කලේ වගේම අදටත් මේ කියමන වලංගුයි. මේ කියමන අනුව යන පුද්ගලයෙක් ජාතික ඔලිම්පික් කමිටුවේ සිටිනවා. ඒ වෙන කිසිවකු නොව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතායි. ඔහුගේ ලැජ්ජා නහර කපා ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයකු කියා සිටියා.
    මැක්ස්වෙල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ලෙස පත්වූයේ ටෙනිස් සංගමය නියෝජනය කරමිනුයි. එහෙත් ඔහු මෙම තනතුරට පත්වූවා කියා ජාතික ටෙනිස් ක්‍රීඩාවට සිදුවූ යහපතක් නැහැ. මේ හේතුවෙන් ඔහුගේ පශ්චාත් භාගයට පයින් ගසා පන්නා දැමීමට ටෙනිස් සංගම් බලධාරීන් කටයුතු කළා.

    ජාතික ජූඩෝ සංගමයේ නිලවරණය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි උප භාන්ඩාගාරික තනතුර සදහා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඉදිරිපත්වී සිටිනවා. ඒ මෙම තනතුරට ඉදිරිපත්වීමට ක්‍රීඩාව කර තිබීම අත්‍යවශ්‍ය නොවීම හේතුවෙනුයි. ඊට අවශ්‍ය වන්නේ ගිණුම් ක්ෂේත්‍රයේ වසරක පලපුරුද්ද පමණයි. හිටි හැටියේ මෙලෙස ජූඩෝ සංගමයේ එල්ලීමට හේතුවී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයයි. ඊට ඉදිරිපත්වීමට මේ වන විට ඔහුට කිසිදු ජාතික සංගමයක් ඇත්තේ නැහැ. මේ නිසා සුදුස්සකු වීමට අවශ්‍ය කටයුතු වෙනුවෙනුයි ඔහු මේ අර අදින්නේ. 2009 වසරේ සිට මේ දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් වන්නේ මැක්ස්වෙල් ද සිල්වා මහතායි. ඒ එතැන් සිට මේ දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය විවිධ හේතු නිසා නොපැවැත්වීම හේතුවෙනුයි ඔහුට කිසිදු කරදරයක් නොමැතිව සිටීමට හැකිව ඇත්තේ. මේක කියවන් යනවිට ඔබට මතක් වූයේ ගිලෙන්න යන අයෙකු පිදුරු ගහේ එල්ලීම නොවෙද ?

    No comments