ක්‍රිකට් පාලනයට අතුරුකමිටුවක් ඉල්ලයි
ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සදහා අතුරු කමිටුවක් පත් කරන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඒ පිලිබදව ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරග නැරඹීමෙන් ඔහු වැලකී සිටින බවත් සදහන්. මෙරට ක්‍රිකට් පරිපාලකයන්ගේ වැටුප් සහ විදෙස් සංචාර පිලිබද සැහීමට පත්විය නොහැකි බවත් අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසනවා. මෙම තත්වය පිලිබද සැලකිල්ල යොමුකර අතුරු කමිටුවක් පත්කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. මේ වන විට මෙරට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතායි.
No comments