• Breaking News

    ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් හොර වැඩක් කරලා මාට්ටු

    2020 ඔලිම්පික් තරඟාවලියට මෙරට පුහුණුකරුවන් නම් කිරීමේදී අසාධාරණයක් සිදුව ඇතැයි බැඩ්මින්ටන් පුහුණුකරු ශ්‍රීමාල් අපොන්සු මහතා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිලි කර තිබෙනවා. ඒ පිලිබද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලිඛිතව පැමිණිලි කිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ. 2020 ඔලිම්පික් තරඟාවලියට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම මේ දිනවල සිදුවනවා. ඒ සුදුසුකම් නොලැබුවත් තරඟාවලියට එක්වීමට රටවල් වලට ලබාදෙන සොලිඩැරිටි වැඩසටහන යටතේයි. මේ යටතේ බැඩ්මින්ටන් සංගමයටත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවකු නම් කර එවන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා. ඊට බැඩිමින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස නම් කළ පිරිස අතර බුවනෙක ගුණතිලක / සචින් ඩයස් හා කාවින්දි ඉෂන්දිකා සිටිනවා. ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරු වන්නේ ශ්‍රීමාල් අපොන්සු මහතායි. එලෙස එම ක්‍රීඩික ක්‍රීඩිකාවන් දැනුම් දී තිබියදී වෙනත් පුද්ගලයකුගේ නම ඇතුලත් කිරීමටයි බැඩ්මින්ටන් සංගමය කටයුතු කර ඇත්තේ. ඒ නිරෝෂන් විජේකෝ මහතාවයි. ඔහු පුහුණුකරුවකු නොවන අතර කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක්ද බිහිකර ද නැහැ. ජාතික සංගමය මේ වන විට පාලනය කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයායි. මේ පිලිබදව අමාත්‍යවරයාට යොමුකළ පැමිණිල්ල පහත දැක්වෙනවා.

    Dear all,

    On here I would like to inform u all,the major injustice done by this acting badminton committee to me.
    National Olympic committee has requested from SLBA suggestions  for Olympic Solidatary sponsership ,planning 2020 Olympics.They have sent Buwaneka Goonathilake,Sachin Dias & Kavindhi Ishadika & some other player names as suggestions.I 'm the personal coach of these  3 players.They have sent e-mails mentioning my name as their personal coach.but the committee  has erased my name & added Mr.Niroshan Wijekoon as those players personal coach.I got shocked hearing this & talked to the officials,but they didn't reply me properly & started giving excuses .
    If this is how they treat me what can we expect for other coaches in Sri Lanka.When I m questioning from them they said committee decision were taken by Mr.Duminda Jayakodi,Niroshan Wijekoon,Nihal Amarasena.Then how can a committee member will be a coach of these players for olympic sponsership????

    I request from WPBA to make justice happened to this matter.please make minister attention to this.
    If this how they behave with tempory power....How they will act with full power ????
    Tks & regards,
    Shimal Aponso

    No comments