චන්දිමාල්ගේ නායකත්වය දෙනකෙනා

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් උණ රෝගයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවට එරෙහිව ලබන 26 වනදා ආරම්භ වන ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග කියා සිටියේ. ඉකුත් සිම්බාබ්වේ තරගාවලිය අතරවාරයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද උණ රෝගයට ගොදුරු වුණා.  මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් අහිමිවී  යනු ඇති. ඔහුගේ නායකත්වය ධනුෂ්ක ගුණතිලකට / රංගන හේරත්ට හෝ ලහිරු තිරිමාන්නට හිමිවීමේ වැඩි ඉඩක් ඇති බවයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් මෙතෙක් ක්‍රිකට් තේරීම් කමිටුව ඒ පිලිබද අවසන් තීරණයක් ගෙන නැහැ.චන්දිගේ තත්වය තවදුරටත් පරීක්ෂා කර එම තීරණය ගනු ඇති.

Share on Google Plus

About onesportslk

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment