• Breaking News

    දනුෂ්කට චන්දිමාල්ගේ තැන ?

    සංචාරක ඉන්දියාව සමග ගාල්ලේදී හෙට (26) ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් දනුෂ්ක ගුණතිලකට ටෙස්ට් වරම් ලබාදීමට තීරණය කර ඇතැයි තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියා. දනුෂ්ක  සංචාරක ඉන්දියාව සමඟ පැවති දෙදින පුහුණු තරඟයේදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ ලකුණු 74 ක් ලබා ගත්තා. එහෙත් තේරීම් කම්ටුව තීරණය කර ඇත්තේ අසනීප තත්වය හේතුවෙන් ක්‍රීඩා නොකරන නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චක්දිමාල්ගේ පිතිකරන ස්ථානය ඔහුට ලබාදීමටයි. ඒ අනුව දනුෂ්ක පිතිකරන ලැයිස්තුවේ හතරවන පිතිකරු ලෙස පිටියට පැමිණෙනු ඇති. ඔහුට ටෙස්ට් වරම් හිමිවුවහොත් මෙරට ටෙස්ට් වරම් දිනා ගන්නා 140 වන ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇති.
    එමෙන්ම කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇතැයි එම තේරීම් කමිටු සාමාජිකයා කියා සිටියා. නිමාවූ සිම්බාබ්වේ ටෙස්ට් තරඟයේදීත් කඩුල්ල පිටුපස සිටීමේ වගකීම ඉටුකලේ ඔහුයි. එහි ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ලකුණු 81 ක් ලබා ගැනීමටත් දික්වැල්ල සමත් වුණා. මෙම තඟයට මාලින්දට ටෙස්ට් වරම් ලබා දෙන්නේ දැයි තීරණය කරන්නේ හෙට උදෑසන බවයි එම තේරීම් කමිටු සාමාජිකයා කියා සිටියේ.

    No comments