අසේලට තරඟාවලියම අහිමිවීමේ අවධානමක්
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන සංචාරක ඉන්දියාව කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 399 ක් ලබා සිටිනවා. මේ අනුව දිනය සිමාවේ ප්‍රභල තැනකට ඉන්දියාව ගෙන යාමට මෙරට පන්දු රකින්නන්ද උදව් වුණා. මෙම තරඟයට අප වාර්ථා කළ පරිදිම දනුෂ්ක ගුණතිලකට ටෙස්ට් වරම් හිමිවුණා. පන්දු යැවීමටද ඔහුට අවස්ථාවක් හිමිවුණා. එහිදී ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 190 ක් රැස් කළා. පුජරා නොදැවී ලකුණු 144 යි. කඩුලු තුනේම හිමිකරු නුවන් ප්‍රදීප්. කඩුලු රැකීමේ වගකීම නිරෝෂන් දක්වැල්ල කටයුතු කළේ අප කියූ පරිදිමයි.
කෙසේ වෙතත් දෙවන ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටියදී ධවාන් ලබාදුන් පන්දුවක් රැකීමට ගොස් අසේල ගුණරත්න තුවාල ලැබුවා. ඔහු මේවනවිට ප්‍රතිකාර සඳහා කොළඹ රැගෙනවිත් සිටින බව වාර්තා වනවා. පන්දුව අතේ වැදීමෙන් සිදුවූ ආබාධය හේතුවෙන් ඔහුට මෙම ටෙස්ට් තරඟය පමණක් නොව දෙවන ටෙස්ට් තරඟයත් අහිමිව යනු ඇතැයි වාර්ථා වනවා. ඇතැම් විට ඔහුට ටෙස්ට් තරඟාවලියම අහිමිව යනු ඇති.

No comments