තිලංග කේලම් ජයන්තව එලවයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් පිල්බෙදී ඇතැයි වාර්ථා වනවා. සභාපති  තිලංග සුමතිපාල මහතාට රිසි සේ වැඩ කිරීමට ඉඩ ලබා නෙදෙන පිරිසක් සිටින බවයි වාර්තා වන්නේ. හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතාට ඒ අතර හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ජයන්ත මහතාට විධායක කමිටු සාමාජිකයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් භාරදෙනු ලැබුවා. එහෙත් ජාත්‍යන්තරය සමග හොද සබදතාවක් නැතැයි පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් තිලංග පවරා ගත්තා. මෙම නොහොද නෝක්කාඩුව හේතුවෙන් දෙදෙනා අතර මත ගැටුමක් ඇතිව තිබෙන බවයි ක්‍රිකට් ආයතනයේ සේවකයකු පැවසුවේ. ලගදී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ සේවකයකුට අපූරු කථාවක් කියා තිබෙනවා. ජයන්ත කරන වැඩක් නැහැ. ශිබ්ලියි ප්‍රියන්තයි කියන කේලම් සහන මිනිහගෙන් මට වැඩක් නෑ. මිනිහ යාලුවන්ට සලකන එක විතරයි කරන්නේ. ජයන්ත ක්‍රිකට් මලපොතේ දෙයක් දන්නේ නෑ. ඇත්තෙන්ම කරන්නේ සති දෙකකට වරක් පැමිණ කිසිදු රාජකාරියක් නොකොට ප්‍රියන්ත සහ ශිබ්ලි සමග කදයක් දමාගෙන සිටීම පමණයි.

සභාපති සහ ජයන්ත අතර ඇතිව තිබෙන මත ගැටුමේ ප්‍රතිපලයක් ලෙසයි කණ්ඩායමට කළමණාරුවන් ද‍ෙදෙනෙකු සිටින්නේ.කළමණාකරු ලෙස බන්දුල වර් ණපුරව ගෙන ඒමට උත්සාහ කර ඇත්තේ ජයන්තයි. එහෙත් සභාපතිවරයා ඊට විරෝදය පළකර තිබෙනවා. එවිටයි මේ වන විට කළමණාකරුවන් ලෙස කටයුතු කරන අසංග සහ රංජිත් ෆනෑන්ඩු පත්කර ඇත්තේ. සභාපති තිලංග සුමතිපාල මහතා තත්වය පාලනය කර ගැනීමට බැරි වුවහොත් ජයන්ත ධර්මදාය මහතාව ක්‍රිකට් ආයතනයෙන් ඉවත්කරනු ඇතැයි වාර්තා වනවා. 
Share on Google Plus

About onesportslk

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment