• Breaking News

    අනිල් මොහාන්ගේ ලංකා බෙටින්ග් ලීගය තව දුරටත් ලීගල්ද?


    මෙතෙක් කල් අප දිගින් දිගටම කීවේ ලංකා ප්‍රිමියර් ලීගය යනු අයිපීජී සමාගම සමග ක්‍රිකට් ආයතනය ගුප්ත ලෙස අත්සන් කරන ලද ගිවිසුමක් බවයි.


    අයිපීජී සමාගම යනු අනිල් මොහාන් විසින් ලංකා ප්‍රිමියර් ලීගය ලබා ගැනීම වෙනුවෙන්ම පිහිටුවා ගත් සමාගමක්.


    එම සමාගමේ ඉතිහාසය පරීක්ෂා කර බලන්නකුට එය හොඳින් අධ්‍යයනය කළ හැකියි.


    ඊට පෙර අනිල් මොහාන් යනු ටෙන් ස්පෝර්ට්ස් සමාගමේ වැඩ කළ සාමාන්‍ය සේවකයෙක්.


    ඒ කාලයේ ඔහු ටෙන් ස්පෝර්ට්ස් විස්තර විචාරයේ යෙදුනු තම මිත්‍ර රොෂාන් අබේසිංහ මාර්ගයෙන් රවින් වික්‍රමරත්නත් ෂම්මිත් හඳුනා ගත් පසු තමයි ලංකා ප්‍රිමියර් ලීගය සංකල්පය බිහි වුණේ.


    ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අනිල් මොහාන් ඔහු පිහිටුවාගත් අයිපීජී සමාගම ගිවිසුමකට එළඹුනා.


    මේ ගිවිසුම නොකඩවා පවත්වාගෙන යාමට අනිල් මොහාන් ඇතැම් ක්‍රිකට් බලධාරින්ටත් තෝරා ගත් ඉංග්‍රීසි මාධ්‍යවේදීන් කිහිප දෙනකුටත් හොඳින් සළකන්න පටන් ගත්තා.


    මේ අතරට හිටපු ඇතැම් ක්‍රීඩා ඇමති වරුත් එක්වුණා.


    එක් හිටපු ක්‍රීඩා ඇමති කෙනෙක් ගාල්ල කණ්ඩායමේ නොනිල අයිතිකරුවකු බවටත් පත්වුණු බව වාර්තා වෙනවා.


    වත්මන් ක්‍රීඩා ඇමතිවරයාද අනිල් මොහාන්ගේ ගුලි හොඳින්ම ගිල දමා ඇති බවක් කියවෙනවා.


    ඩුබායිහි කසාදයක් කරගෙන සිටි අනිල් මොහාන් මේ අතර ලංකාවෙන් තව කසාදයක් කර ගත්තා. 


    අයිපීජී සමාගම විසින් ගිවිසුම අනුව වාර්ෂිකව ක්‍රිකට් ආයතනයට මුදලක් ගෙවිය යුතුයි. වාර්ෂිකව සියයට ගණනක වැඩි වීමක් සහිතව එම ගෙවීම සිදුකළ යුතු වුවත් එය ගිවිසුමට අනුකූලව සිදු කළාද යන්න වෝහාරික විගණනයක් සිදු කළේ නම් සොයා ගත හැකියි.


    එහෙත් එම විෆණනය කරන්න වත්මන් පරිවර්තන කමිටුවත් තවමත් කටයුතු කර නැහැ.


    ඒ වෙනුවට පරිවර්තන කමිටු සභාපතිවරයාගේ කොම්පැණියක් බලා ගන්නා අයකුට ලංකා ප්‍රිමියර් ලීගයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නත් ඉඩදී ඇති අතර එහි සම අනුග්‍රහාහකයන් ලෙස කටයුතු කරන්න ඔට්ටු සමාගමකටත් ඉඩ ලබා දි තිබෙනවා.

    පිටිය පුරා ඇති දැන්වීම් වලින් 80% ක් ඔට්ටු සමාගම්.


    මෙවර තරගාවලිය ආරම්භ කරන දිනයේම යාපනය කණ්ඩායමේ හිමිකරුවන් දෙදෙනාගෙන් අයකු ක්‍රීඩකයන් තිදෙනකුට තරග පාවාදීම් සඳහා අල්ලස් දීමට යෝජනා කිරීම සම්බන්ධයෙන්

    ශ්‍රී ලංකා ක්‍රීඩාවේ සිදුවන දූෂණ, වංචා සහ තරග පාවාදීම් පිළිබඳව විමර්ශන කිරීම සඳහා "ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය

     මගින් අත්ඩංගුවට ගත්තා.


    ඉන්පසුව උසාවියට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගත කෙරුණා.


    මීට පෙර අවස්ථා කිහිපයකදීම කණ්ඩායම් හිම් කරුවන් මෙසේතරග පාවාදීම් පිළිබඳ චෝදනා ලැබුවා.


    මෙවැනි සිද්ධීන් වැඩිපුරම වාර්තා වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීගයෙන් වීමත් චූදිතයන් වන්නේ කණ්ඩායම් හිමිකරුවන්ම වීමත් විශේෂත්වයක්. 

    මේ සියල්ල සිදුවද්දී ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ නිලධාරීන් හෝටල් වල කකා බිබී බකන් නිලාගෙන ඉන්නවා.


    හොඳ වෙලාවට සුගතදාසයේ පිහිටුවා ඇති විශේෂ පොලිස් ඒකකය අවදියෙන් ඉඳීම සතුටට කරුණක්.


    ලංකාවේ අල්ලස් කොමිසම වරදකරුවන්ට කිසිදු බුරුලක් නොදී කටයුතු කරන මෙවන් සමයක ඔවුන්ගේ දැල අනිල් මොහාන් හා අයිපීජිය වෙත වහාම යොමු කළ යුතුව තිබෙනවා. එවිට ඔහු සමග මෙම ජාලයට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලා ගන්නත් හැකි වනු නියතයි.


    සබැඳි පුවත්

    ලංකා ප්‍රිමියර් ලීගය පුදන කොටම කාපි යකා වෙයි



    No comments