ක්‍රිකට් පරිවර්තන කමිටුව කප්පාදුව අරඹයි
ක්‍රිකට් පරිවර්තන කමිටුව වැඩ අරඹමින් අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම අරඹල තියෙනවා. මේ අනුව අති විශාල පිරිසකට ගෙවමින් තිබුණු රක්ෂණ ගිවිසුම් අත්හිටුවා ඇති අතර සේවකයන්ගේ අතිකාල දීමනා ගෙවීමද සීමා කර තිබෙනවා.
මේ අතර ආයතනය සතු වාහන ඕනෑ තරම් තිබියදී ප්‍රවාහන අංශයට කුලී පදනමට ගෙන තිබුණු සියලුම වාහන ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ පුද්ගලික වාහන හිටපු නිලධාරීන්ට අයත් වාහන වීම විශේෂත්වයක්.
මීළඟට අනවශ්‍ය ලෙස වැටුප් ලබා දෙන විශාල පිරිසකගේ කොන්ත්‍රාත්තු අහෝසි කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයිද lankasportsnews වෙත වාර්තා වෙනවා. මේ අතර දිස්ත්‍රික් හා පළාත් සංගම් වල රැකියා අවස්ථා ලබා දී ඇති හිටපු නිලධාරීන්ගේ නෑයන් හා හිතවතුන් සිය ගණනක් වන බවත් වාර්තා වෙනවා.

No comments