• Breaking News

    මහපුටු වල හොරුන්ට නොදෙවෙනි දිස්ත්‍රික් සංගම් හොරු


    මාලිමාවේ ක්‍රීඩා ඇමතිවරයාට තවමත් දූෂිත ක්‍රීඩා සංගමයක් නොවන ක්‍රිකට් ආයතනයේ චන්ද බලය හිමි දිස්ත්‍රික් සංගම් වල නිලවරණ හෙට අනිද්දා පවත්වන්න යනවා. ක්‍රිකට් මහ පුටු වල ඉන්න මහ හොරුන් වගෙම මේ දිස්ත්‍රික් සංගම් වල පුටු වල ඉන්නෙත් හොරු රංචුවක්.


    බොහෝ දිස්ත්‍රික් සංගම් වල ඉන්න සභාපතිලා ලේකම්ලා අවුරුදු 15 ක් හෝ 20 ක් එක දිගටම එම තනතුරු හොබවනවා.


    මොවුන් එළවා දැමීමත් පහසු කටයුත්තක් නොවන්නෙ ඔවුන් නොයෙකුත් වරදාන ලබා දී සාමාජික ක්‍රීඩා සමාජ වල නිලධාරීන් අල්ලා ගෙන හිඳීමයි.


    මේ මස 25 දා පැවැත්වීමට නියමිත ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංගම් නිලවරණයද පවත්වන්න යන්නේ අන්ත දූෂිත අන්දමකට බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ නිලධාරීන් අප වෙත දන්වා එවා තිබෙනවා.


    ඔවුන් කියන අන්දමට 

    2015 සිට මේ දක්වා ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා අවුරුදු දහයක් එක දිගට ම සභාපති ධුරයේ රැඳී සිටිනවා. මෙහි ව්‍යවස්ථාව හදල තියෙන්නෙ ආයේ කිසි කෙනෙකුට ඉල්ලන්න බැරි විදියටයි. සභාපතිවරයාගේ ක්‍රියා කලාපය මේ වෙනකොට කිසිම කෙනෙකුට දිස්ත්‍රික්කය තුළ නිලවරණයට සහභාගි විය නොහැකි තත්වයකට පත් කොට තිබෙනවා. මුදල් අක්‍රමිතා. ක්‍රීඩා භාණ්ඩ අක්‍රමිතා පිළිබඳව මේ වෙනකොට කිසිම පරීක්ෂණයක් පවත්වා නැහැ.. ඒ වගේම 2015 සිට මේ දක්වා කිසිම සංවර්ධනයක් කර නොමැති අතර මුදල් අයථා ලෙස පරිහරණය කිරීම ගැන චෝදනා රැසක් තිබෙනවා.

     මේ පිළිබඳව මෙතෙක් කිසිම විමර්ශනයක් කර නොමැත. ක්‍රිකට් පිළිබඳව අවබෝධයක් නැති සේවිකාවන් දෙදෙනෙක් කාර්යාලය තුළ රැකියාව කරන අතර මේ කාර්යාලය තුළ කිසිම රාජකාරියක් වෙන්නේද නැත. අනවශ්‍ය විදිහට මේ සේවිකාවන් දෙදෙනාට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් මාසික 50.000 මුදලක් ගෙවෙනු ලබනවා. 

     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇත්තේ දිස්ත්‍රික්කයේ ඡන්ද ය දෙක පමණි.


    එක දිගටම අවුරුදු එකොළහක් බලයේ ඉන්නා සභාපතිවරයා මේ මාසේ 25 වෙනිදා ත්‍රිරිකුණාමල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිල වරණයේදී නැවතත් තරග කරනවා. 

     මේ නිලවරණය කල් දමන ලෙස ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    ඉහත දැක්වෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංගමයේ නිරුවතයි.


    මීළඟට අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව,  අම්පාර, මාතලේ, මාතර, ගාල්ල යන දිස්ත්‍රික් සංගම් ගැන අපට ලැබී ඇති තොරතුරු ඉදිරිපත් කරන්න lankasportsnews බලාපොරොත්තු වෙනවා. ඔබලා සතු තොරතුරු අපට ලබා දෙන්නේ නම් අපේ විමර්ෂණ කණ්ඩායමට යොමු කොට ඒවා හෙළිදරව් කිරීමට හැකියි.

    No comments