• Breaking News

    කැපී යාම වළක්වන්න වැඩ බැරි ටාසන් සනත්ගේ ජිල් මාට්


    සනත් ජයසූරිය හොඳ ක්‍රීඩකයකු වුණත් හොඳ පුහුණුකරුවකු නොවන බව ඔප්පු කොට හමාරය. කෝටියකට ආසන්න මාසික පඩියක් ගත්තත් සනත් භාර ගත් පසු අපේ ක්‍රිකට් වළපල්ලට යන්නට පටන් ගත්තේය. පාකිස්තානයේදී හොඳටම පීචං වී ආපහු ලංකාවට එද්දී සමාජ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වන්නට තිබුණු ඉඩෙන් හොඳ වේලාවට  සනත් බේරා ගත්තේ ලංකාවම සලිත කළ සුළි කුනාටුවයි.


    සනත්ට විරුද්ධව චරිත් අසලංක මේ වන විට ක්‍රිකට් බලධාරීන්ට ලිපියක් ලබා දී ඇති අතර  ක්‍රීඩකයන් වැඩි දෙනෙක් තරග පරදින්නේ සනත්ගේ නොහැකියාව නිසා බවත් දැන් ප්‍රසිද්ධියේ කියන්න පටන් අරන්.


    බොරු උණක් පටවා තරගාවලිය මැද චරිත් අසලංකව ලංකාවට හරවා එවීම ගැනත් චරිත් ඉන්නේ සනත් සමග අමනාපෙන්.


    කටාර්හි පැවති නැගී එන තරු ආසියානු කුසලාන තරගාවලියේ දස්කම් දක්වමින් සිටි වියාස් කාන්ත් පාකිස්තානයට ගෙන්වා ගැනීම නිසා ඔවුන්ට අවසන් තරගයට ඒමට තිබූ,  අවස්ථාවද සනත් අහිම් කළේ එම තරගාවලිය " ඒ "කණ්ඩායම ජය ගතහොත් එහි පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධනට ලකුණු ලැබීම වැලැක්වීමේ කුහක චේතනාවෙන් බවට චෝදනාවක්ද සනත්ට එල්ල වී තිබෙනවා.


     ඇෆ්ගනිස්තානයේ වත්මන්  පුහුණුකරු වන ජොනතන් ට්‍රොට් පෙබරවාරියේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු ලංකාවේ පුහුණුකරු කර ගැනීමට මේ වන විටත් සාකච්චා ආරම්භ කර අවසන්.


    ඉන්දීය අගමැති මෝඩි ලවා යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුදල් ගෙන්වා දිය හැකි බවට දුන් පොරොන්දුවද පුස්සක් බවට පත්ව තිබීමත් සනත් ෂම්මිලාගෙන් කැපී යාමට තවත් හේතුවක්.


    වැඩි දුර පුහුණුවට කියමින් සිම්බාබ්වේ සංචාරයට පෙර   තුන්කොන් තරගාවලියක් ගැසීම හා පාකිස්තානු සංචාරයට පෙර සති දෙකක් උඩවලව හෝටලයක සිට සූරියවැව පුහුණු සැසි පැවැත්වීමට නිකරුණේ කෝටි ගණනක් නාස්ති කිරීමත් සනත්ට බැක් ෆයර් වී ඇති තවත් හේතු බව කියවෙනවා.


    ඒ අතර තමන්ට හිතවත් අනුෂ සමරනායක වැන්නන්  ලොකු පඩියකට බඳවා ගැනීමත් අනුෂ මෙන්ම තවත් වැඩ බැරි ටාසන් කෙනකු වන ජෙහාන් මුබාරක් ජාතික පිලේ කොම්පියුටර් ඇනලයිසර් ලෙස තෝරා ගැනීමත් සනත්ගේ සනත්ගේ බල පරාක්‍රමයෙන් සිදු වූ දේවල් බව කෙත්තාරමයේ අධි තාක්ෂණ පුහුණු අංශය තුළ   කතා බහට ලක්ව තිබෙනවා. මේ වන විට පිතිකරුවන්ද පුහුණු කරන මට්ටමට පත්ව තිබෙන අනුෂ සමරනායක විශාල ඇණයක් බවට පත්ව තිබෙන බව කෙත්තාරමයේ වෙනත් පුහුණුකරුවකු අපට පවසා සිටියා.


    මේ සියල්ල ෂේප් කර ගැනීමට සනත් ලංකාවට ආ ගමන් චක් ගෝල මාධ්‍ය වේදීන් දෙන්නකු හා තව ක්‍රීඩකයන් කිහිප දෙනකු එකතු කර ගෙන විපතට පත් වූවන්ට ආධාර බෙදා දීමේ වැඩපිළිවෙලක් අරඹා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ එම ආධාර එකතු කිරීම වෙනුවෙන් සනීපාරක්ෂක තුවා තොගයක් ඔහු පරිත්‍යාග කරන ආකාරයයි. සනත් නම් පුහුණුකරු වැඩ බැරි ටාසන් කෙනෙක් බව ෂම්මිලා ද දැන් වටහා ගෙන      තිබෙන බව  lankasportsnews වෙත වාර්තා වෙනවා.

    No comments