උණ හැදුණු චරිත් සියතින් ගෙළ කපා ගනියි Exclusive Exposed
ශ්‍රී ලංකා ඕවර 50 හා විස්සයි විස්ස කණ්ඩායම් වල නායකයා වූ චරිත් අසලංකගේ නායකත්ව දිවිය අවසන් වන ලකුණු පෙන්වමින් ඔහු පාකිස්තානයේ සිට හදිසියේ ශ්‍රී ලංකාව බලා පිටත්ව එනවා. ඔහු සමග අසිත ප්‍රනාන්දුත් ආපහු එන බව කියවෙනවා.
මොවුන් ආපහු එවන්නේ උණ හැදී ඉන්න නිසා බව ක්‍රිකට් නිල නිවේදනයකින්ම පැවසෙනවා.
මාලිමා රජයත් පතෝල ක්‍රීඩා ඇමතිවරයාත් වගේම ෂම්මි ප්‍රමුඛ ක්‍රිකට් ආයතනයත් දැන් පට්ට පල් බොරු කිසිම හිරිකිතයක් නැතිව දෙසාබාන්න පටන් අරන්.
උණ වගෙ රෝගයක් හැදුනම ආපහු ගෙදර එවන සිරිතක් නැති බව තේරුම් ගන්න බැරි අමනයන්ට එහෙම කතාවක් කිව්වත් මොළේ කළඳක් හරි තියෙන උන් අහන්නෙ මුන්ට බොරුවක්වත් හරියට කියා ගන්න බැහැ කියලයි.
ඇත්ත කතාව නම් චරිත් අන්තිම කාලෙ හිටියෙ කැපෙන්න ඔන්න මෙන්නයි. මුලින් කැප්ටන් කමෙන් ඉන් පස්සෙ ටීම් එකෙන්.
චරිත් නාහෙට අහන්නෙ නැති බවත් තමන්ගෙ පාසල රිච්මන්ඩ් එකේ සහෝදර ක්‍රීඩකයන්ට ෆුල් බැකින් එක දෙන බවත් ඒ වගෙම තමන්ගෙ ක්ලබ් එක එස් එස් සී එකේ ක්‍රීඩකයන්ටත් සිලෙක්ෂන් වලදි සපෝට් කරන බවත් ෂම්මිගේ සීසීසී ක්ලබ් එකේ ක්‍රීඩකයන් හීනියට කපන බවත් ෂම්මිට ආරංචි වෙලා තිබුණා.
ඔය කතන්දර නිසා ලෝක කුසලාන තරගාවලියට කලින් චරිත් නායක කමින් ඉවත් කරන්න සැලසුමක් ක්‍රියාත්මක වුණා.
ඒ නිසා තමයි කණ්ඩායමේ ප්ලේස් එක ගන්නත් එක එක දේශපාකයන් පිටිපස්සෙ යන දසුන් ශානකව හිටි අඩියෙ විස්සයි විස්ස උප නායකයා හැටියට පත් කළේ.
මේ සැලසුම දියත් වුණේ පුහුණුකරු සනත් ජයසූරියගේ ඉල්ලීමක් අනුව උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුවේ තීරණයක් බව ලෝකෙට පෙන්නමින්.
එහෙම තියෙද්දි චරිත් ඉස්ලමාබාද් බෝම්බ සිද්ධිය මුල් කරගෙන තවත් ක්‍රීඩකයන් හය දෙනකු සමග වහාම ලංකාවට එන්න ගත්තු හිතුවක්කාර තීරණය චරිත්ට උණ හදන්නත් ඒ පිටින් වහාම ගෙදර එවන්නත් හේතු වුණා.
ඒ කියන්නෙ චරිත් විහින් තම බෙල්ල කපා ගැනීමක් කර ගත්ත වගෙයි.
චරිත් බෝම්බ සිද්ධිය මුල් කර ගෙන පහුවදා රාත්‍රියේ ආපහු එන්න ගුවන් ප්‍රවේශ පත්‍රත් වෙන් කර ගෙන සිටියත් ජනාධිපති අනුර කුමාර වහාම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීම නිසා ඒ අදහස අකුල ගන්න ඔහුට සිද්ධ වුණා.
චරිත් එක්ක එන්න හිටපු අනික් ක්‍රීඩකයො වුණේ වනිදු හසරංග,කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ, මහේෂ් තීක්ෂණ, සදීර සමරවික්‍රමයි.
මේ සමහරුන්ට ක්‍රීඩක කළමනාකරුවො දෙන්නෙක් වන කලුගලගේ හා අසංග යන අයත් ආපහු එන මෙන් බලපෑම් කර තිබුණු බව වාර්තා වෙනවා. ඒ අයිපීඑල් ගිවිසුම් ලබා දෙන බවට පොරොන්දු වෙමින්.
කොහොම උනත් උණ ඇත්තටම හැදුණත් නැතත් චරිත්ගෙ ක්‍රිකට් අනාගතය තමන් විහින්ම ඔහු නැති කර ගන්න එක වැළැක්විය නොහැකි බව lankasportsnews කියන්නේ කවදත් ක්‍රීඩාවේ ඇතුළාන්තයේ සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් එකම මාධ්‍ය නිසයි.

No comments