• Breaking News

    ක්‍රීඩිකාවන්ගේ ඇඳුම් හොරකම් කරන විස්කි නෝනා


    කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර තුර ක්‍රීඩිකාවන් ලවා ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි ලබා ගෙන  ගෙදර ගෙන ගොස් ගෙදර වයින් ස්ටෝරුවක් කර බිස්නස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරිනියක් ගැන මීට පෙර අප හෙළිදරව් කළා ඔබට මතක ඇතැයි සිතනවා.


    මේ විස්කි නෝනා කරන තවත් බලු වැඩක් අපට වාර්තා වෙනවා.


    ඒ තමයි ක්‍රීඩිකාවන්ට ලැබෙන නිල ඇඳුම් ඔවුන්ට නොදී ගෙදර ගෙන ගොස් අල්මාරි වල පුරවා තබා ගැනීමේ කැත පුරුද්දකුත් මේ විස්කි නෝනා පුරුද්දක් වශයෙන් කරන එක.


    කාන්තා ක්‍රිකට් අංශයට වාතයක් වී ඇතත් මේ විස්කි නෝනා ෂම්මිගේ නම විකුණමින් නිරුපද්‍රිතව රැඳී සිටීම ගැන ක්‍රිකට් ආයතනයේ කතා බහට ලක්ව තිබෙනවා.

    No comments