• Breaking News

    උපුල්ලා අල්ලන් දුනිත්ලාට කපන කළමනාකරු මාෆියාව


    දුනිත් වෙල්ලාලගේ කියන්නේ අහිංසක ක්‍රීඩකයෙක් කියල බොහොම දෙනෙක් දන්නවා.  දුනිත්ගෙ පියා හෘදයාබාධයකින් මිය ගියේ ඔහු යැවූ පන්දු ඕවරයකට එල්ල වූ හයේ පහර ටික බලමින් සිටියදීයි. තම පියාගේ අවමංගල්‍යයට ලංකාවට ආපු දුනිත්ට අවසන් කටයුතු වලටවත් ඉන්න නොදී කුරිරු විදියට ආපහු ගෙනවිත් ඔහුට කළ දේ බොහෝ දෙනෙකුගේ මතකයෙන් තවමත් ගිලිහිලා නැහැ.


    දුනිත් සම්බන්ධ අලුත්ම සිද්ධිය නම් ඔහුව එළඹෙන පාකිස්තානු සංචාරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා ඒ පිලට ඩිමෝට් කිරීමට උපුල් තරංගලාගේ පතෝල තේරීම් කමිටුව තීරණය කර තිබීමයි.


    මේ තීරණ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයෙන් ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්නට පෙර සනත් ජයසූරියගේ මාධ්‍ය ප්‍රකාශකයාගේ වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් කිරීම විශේෂ සිද්ධියක්.


    දුනිත්ට කලක පටන් කන්ඩායම තුළ කැපිල්ලක් තිබුණු බව සත්‍යයක්. එයට හේතුව වුනේ දුනිත් තම පෞද්ගලික කළමනාකරු ඉවත් කර වෙනත් කළමනාකරුවකු සමග ගිවිසුම් ගත වීම බව lankasportsnews වෙත කීවේ කණ්ඩායමේම ක්‍රීඩකයෙක්.


     මේ බේබදු කළමනාකරු උපුල් තරංගලා, සනත් ජයසූරියලා ,සංගක්කාරලා , හරින්ලා එක්ක නිතර සෙට් වෙන අයෙක්.


    ක්‍රීඩකයන්ගේ කොම්ස් මුදල් වලින් උපයන වත්කම් නොපෙන්වමින් ඒ අතර තරග පාවාදීම් වලටද සම්වන්ධවී සිටින මොහු කලක් සංගා, මහේල යුගයේ චාලි ඔස්ටින් නම් ක්‍රීඩක කළමනාකරු මෙන් උපුල්ලා, සනත්ලා ,කණ්ඩම්බිලා, අනුෂලා, විවිධ ක්‍රම ඔස්සේ අල්ලාගෙන තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමට එබීමත් අකැමැති ක්‍රීඩකයන් කපා දැමීමත් ජයටම සිදු කරනවා.


    මෙම සෙල්ලම් ආරංචිවීම නිසා කන්ඩම්බිවත් බැටිං කෝච් කමෙන් ඉවත් කිරීමට ෂම්මි කටයුතු කළා.


    මෙවැනිම තවත් කලමනාකරුවකු තම ගමේ අයකු වන උපුල් අල්ලගෙන මෙවැනිම ගේමක් ගහන බවත් තව ක්‍රීඩකයකු අප සමග පැවසුවා.


    " *කියලා වැඩක් නැහැ. දැන් කණ්ඩායමට එන්නත්, මැච් නොගහ ටුවර් යන්නත් දක්ෂකම් වැඩක් නැහැ. ඔක්කොම කරන්නෙ මේ ප්ලේයර් මැනේජර්ලා දෙන්නා. මුන් ඉන්කම් ටැක්ස් ගෙවනවද දන්නෙත් නෑ.හැබැයි කෝටිපතියෝ. ළඟදිම මුන් ගැන ඉන්කම් ටැක්ස් එකටයි අල්ලස් එකටයි සියලු තොරතුරු දෙන්න අපි දෙතුන් දෙනෙක් ඉදිරිපත් වෙන්නයි ඉන්නෙ. එතකොට ටීම් එකේ ඉන්න කොමිස් යන තැන් ඔක්කොම රටම දැනගනීවි. ඔය අතර මාධ්‍ය කාරයොත් ඉන්නවා* " තම නම හෙළිදරව් නොකරන මෙන් ඉල්ලා සිටි ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් lankasportsnews වෙත එසේ පැවසුවා.


    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්ව වගේ අල්ලස් කොමසාරිස්ටත් ඉදිරියේ තව වැඩ වැඩි වෙන බවක් මේ අනුව පෙනී යනවා.


    උපුල්ලා කළමනාකරුවන් අල්ලන් කරන මේ බිස්නස් එක හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ ෂම්මි වහාම අලුත් තේරීම් කමිටුවක් පත් කරන්න නියෝග කරලා. ඒ අනුව දෙසැම්බරයේ හිටපු වේග පන්දු යවන්නකුගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිතයි. මේ අතර කාන්තා තේරීම් කමිටුවේ සභාපතිනියත් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගහන තම දියණියත් ලංකාවට ගෙන්වා ඇය තේරීම් කමිටුවේ සිටියදීම දියණිය ජාතික පිලට රිංගවා ගැනීමට කටයුතු කරන බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.



    No comments