ක්‍රිකට් නඩුවේ අලි සබ්රිගේ දෙබිඩි පිළිවෙත
අලි සබ්රි කියන්නෙ අපේ රටේ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥ යෙක්. කාලයක් විදේශ ඇමති ධූරයෙත් කටයුතු කළා. ඒ කාලෙ මොහුගෙ ප්‍රධානත්වයෙන් මනුෂ නානායක්කාර, ටිරාන් අලස් හා කංචන විජේසේකර යන ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් මගින් අපේ රටේ ක්‍රිකට් පරිපාලනයේ සිදුවිය යුතු වෙනස් කම් ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවෙ වත්මන් ක්‍රිකට් පරිපාලකයන්ගෙ වැඩ කිඩ ප්‍රබල ලෙස විවේචනය කරල ක්‍රිකට් හදන්න යෝජනා රැසකුත් ඉදිරිපත් කරල තිබුණා.
අපට ආරංචි වන විදියට ෂම්මි සිල්වා හා සමාගමට එරෙහිව කේ.මතිවානන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර විභාගයට ගැණුනු පෙත්සමේ ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී ඉන්න තමන් වෙනුවට ගෝල නීතිඥ යෙක් ඉදිරිපත් කරලා.
මෙය පැහැදිලිව අලි සබ්රිගේ දෙබිඩි පිළිවෙත පෙන්නුම් කරන්නක්.
මුදල් වෙනුවෙන් ඕනැම දෙයක් කරන්න පෙළඹෙන මේ වගේ නරුම නීතිඥයො ගැන කවර කතාද ?
මේ නඩුවට ක්‍රිකට් ආයතනය පැත්තට ජනාධිපති නීතිඥයොම හත් දෙනෙක් ඉන්න බව වාර්තා වෙනවා. මේ සියලු දෙනා එහෙම තුට්ටු දෙකට නඩු වලට පෙනී ඉන්න අය නෙවෙයි.
කොහොම වුණත් ඔවුන්ට ගෙවන කෝටි ගණන යන්නෙ ෂම්මිගෙ පොකට් එකෙන් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට ගෙනත් ක්‍රිකට් ආයතන ගිණුමට බැර කරන මුදල් වලින් බව බොහොම දෙනෙක් නොදන්නා කරුණක්. ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් අපේ රටේ රාජ්‍ය නායකයො, ඇමතිවරු, වගෙම අභියාචනාධිකරණ විනිසුරන්ද ගන්න පුළුවන් කියල පහුගිය කාලෙ අභියාචනාධිකරණය දුන් නඩු තීන්දු වලින් හෙළිදරව් වුණා.

No comments