වරාය අධිකාරියෙන් නලින් අපෝන්සුට බරපතල චෝදනාවක්
වරාය අධිකාරියේ ඉහළ නිලයක් දරමින් එහි ක්‍රිකට් කණ්ඩායම ඒස් කැපිටල් නම් සමාගමකට විකිණීමේ බරපතල චෝදනාවකට ක්‍රිකට් විධායක සභාවේද සාමාජිකයකු වන නලින් අපෝන්සු ලක්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
වරාය අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මොහුගේ වංචනික සුදුසුකම් පවා හෙළිදරව් වී ඇති අතර ඒ පිළිබඳ කරන ලද විමර්ෂනයකට පසු ඔහු එම තනතුරෙන් පහ කොට තිබෙනවා.මෙහි වැඩි දුර විමර්ෂණ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතිනවා.
මොහු විසින් වරාය අධිකාරිය ඒස් කැපිටල්කරණය කිරීම නිසා වසර ගණනක් මුළුල්ලේ වරාය අධිකාරියට ලැබිය යුතු ක්‍රිකට් ආයතනයෙන් වාර්ෂිකව ලබා දෙන මුදල් කෝටි විසි ගණනක් වරාය අධිකාරියට අහිමි කිරීම ගැන වරාය අධිකාරියේ වෘත්තීය සමිති එක්ව අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කොට තිබෙන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
නලින් අපෝන්සු හා හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු එක්ව පිහිටුවා ගත් ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයේ සම්පත් බැංකු නිල ගිණුම කලින් වරාය අධිකාරියේම ගිණුම බව අපට කරුණු දැක්වූ වරායේ වෘත්තීය සමිති නිලධාරියෙක් පැවසුවා. මෙය බරපතල මූල්‍ය වංචාවක් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මීට මාස කිහිපයකට පෙර නලින් අපෝන්සුගේ නිවසට සොරුන් කඩා වැදී ඩොලර් දස දහසක්, ලක්ෂ පනස් පහක් හා රත්‍රං භාණ්ඩ සොරා ගෙන ගිය බව ඔහුම පොලිසියට දන්වා තිබුනු අතර මොහුට නිවසේ තබා ගැනීමට මෙතරම් මුදලක් ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ඔවුන් පවසනවා.
මේ අතර පසුගියදා ලැසිල් ද සිල්වා නම් හිටපු පාර්ලිමේන්තු කළමනාකාර වරයකු අල්ලස් හා දූෂණ කොමිසමට කරන ලද පැමිණිල්ලකදී මොහු විසින් කෝට් ගණනක් වැය කොට රත්මලානේ ඉදි කර ඇති නව නිවස ගැනද සඳහන් කර තිබෙන බව lanjasportsnews විමර්ෂණ කණ්ඩායමට වාර්තා වී තිබෙනවා.
ක්‍රීඩාවේ වංචා දූෂණ හා වංචනිකයන් හෙළිදරව් කිරීම ක්‍රීඩාවේ නාමයෙන් අපට ඇති වගකීමක් ලෙස සළකද්දී ක්‍රිකට්,පාපන්දු හා ඔලිම්පික් වරදාන වලට යටවුණු අපේ මාධ්‍යකරුවන් රැසක් මේ කිසිවක් නොදුටුවාක් මෙන් ඉඳීම ගැන අපට ඇත්තේ කනගාටුවක්. දිගින් දිගටම එල්ල වෙන සයිබර් ප්‍රහාර හමුවේ පවා නොසැලී සිටිමින් මෙවැනි හෙළිදරව් ඉදිරියේත් ගෙන එන්න lankasportsnews සූදානම්.
No comments