ලෝකෙටම විහිළු සපයන ක්‍රීඩා ඇමතිවරයෙක්
මාලිමා ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ කියන්නේ පතෝල ඇමතිවරයෙක් බව අපි කියන්නෙ අද ඊයෙ නෙවෙයි. ක්‍රීඩා උත්සව වලට ගිහින් කුසලාන, තෑගි පිරිනමලා පින්තූර වලට විරිත්තමින් ඉන්න මෝඩ චූන් එක ඇරෙන්න ක්‍රීඩාවේ හොරු අල්ලන්නවත් ක්‍රීඩාව නංවන්නවත් කිසිම උවමනාවක් උනන්දුවක් නැති ඇමතිවරයෙක් බව රටේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැන් හඳුනා ගෙන ඉවරයි.
ඔහුගේ මේ පෝස්ට් එකෙන් කියන්නෙ මිනිස්සු තුනෙන් දෙකක් දුන්නෙ හිටපු ජනාධිපතිලගෙ හිමිකම් ඉවත් කරන්න කියලයි.
ඒ වගෙම මොහුට මතක් කරල දෙන්න ඕන මිනිස්සු එහෙම චන්දෙ දුන්නෙ මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ කියපු දේවල් සුරංගනා කතා බවට පත් කරන්න නෙවෙයි කියලත්.
මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ක්‍රීඩාව ගැන තියෙන පරිච්ඡේදයේ උඩින්ම කියන්නෙ ක්‍රිකට් ඇතුළු දූෂිත ක්‍රීඩා සංගම් වල වංචා දූෂණ වහාම සොයා බලා දූෂිතයන්ට දඬුවම් දෙනවා කියලයි.
ඒත් වත්මන් ක්‍රීඩා ඇමතිවරයා දැන් කරන්නෙ ක්‍රිකට් දූෂිතයන් පාපන්දු දූෂිතයන් කරේ දාගෙන විරිත්තමින් ඉන්න එකයි.
ක්‍රිකට් හා පාපන්දු කියන්නේ ඩොලර් කුට්ටි පිටින් ගලා එන ක්‍රීඩා සංගම් දෙකක්. මූල්‍ය අක්‍රමිකතා ගැන මේ ක්‍රීඩා සංගම් දෙකේම නිලධාරින්ට තිබුණේ අමිහිරි අතීතයක්.
ක්‍රීඩා ඇමතිවරයා පත්වෙලා අවුරුද්දකට කිට්ටු කාලයක් ගත වෙලත් මේ දෙකේම නිලධාරීන් එහෙම්මයි.
තමන් ගෙනා ක්‍රීඩා පනත් සංශෝධනයත් තුට්ටුවකට මායිම් නොකර ෂම්මිලා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරද්දිත් මුඛයත් අධෝ මුඛයත් වහගෙන ඉන්න ක්‍රීඩා ඇමතිවරයා තමන්ගේ ෆේස් බුකියේ බයිලා ගැසීම lankasportsnews දකින්නේ ලෝකයටම විහිළු සැපයීමක් ලෙසයි.
සබැඳි පෙර ලිපි
ෂම්මි සිල්වා පතෝල ක්‍රීඩා ඇමතිට කනට ගහයි
ක්‍රීඩා ඇමතිගේ සංශෝධන බල්ලට දමා ක්‍රිකට් වලට වෙනම සංශෝධනයක් ගෙන එයි
No comments