ක්‍රීඩා ඇමතිවරයා හෝ ඔහුගේ නව ක්‍රීඩා පනත් සංශෝධනය සත පහකට මායිම් නොකර ෂම්මි සිල්වා විසින් ඊයේ එහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර තිබෙනවා.
ක්‍රීඩා පනත් සංශෝධනයට අනුව කිසිම ක්‍රීඩා සංගමයක වසර අටක් සම්පූර්ණ කර ඇති ඉහළ තනතුරු දැරූ අයකුට නැවත පත් විය නොහැකි වුණත් මෙම ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනය අනුව පිලර් හතක් හෙවත් කුළුනු හතක් සඳහා හිටපු සභාපතිවරුන්ට නැවත විධායක සභාවට ඇතුළු විය හැකි වන අතර ඔවුන්ට අලුතින් පත් වන සභාපති හා ලේකම්ට වඩා බලතල ලැබෙනවා.
මෙය පාර්ලිමේන්තුවේද සම්මත කරන ලද ක්‍රීඩා ඇමතිවරයාගේ නව ක්‍රීඩා පනත සහමුලින්ම උල්ලංඝනය කිරීමක් වෙනවා.
ක්‍රිකට් ක්‍රීඩා සමාජ හා සංගම් නිලධාරීන්ට වැටුප් හා නොයෙකුත් වරදාන ලබා දී තිබීම නිසා කිසිදු සාමාජික ක්‍රීඩා සමාජයක් හෝ සංගමයක් මීට විරුද්ධ වී නොමැති අතර සියලු දෙනා අත් ඔසවා කැමැත්ත ප්‍රකාශ කොට හොඳට කා බී ආපසු ගොස් තිබෙනවා.
වත්මන් ක්‍රිකට් නිලධාරි නඩය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නොව ෂම්මි සිල්වා ප්‍රයිවෙට් ලිමිටඩ් යන්න මින් තව දුරටත් පැහැදිලි වන අතර කයිවාරු ක්‍රීඩා ඇමතිවරයා යනු ෂම්මිගේ සාක්කුවේ සිටින පතෝලයකු බව සනාථ කර සිටින බව ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු lankasportsnews වෙත පැවසුවා.
No comments:
Post a Comment