• Breaking News

    එස්.එස්.සී. පිටියේ ලයිට් වලින් පණ්ඩිතගේට ගජ වාසි


    කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ රාත්‍රි තරග පැවැත්විය හැකි පරිදි ආලෝක ධාරා පද්ධතියක් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අනුග්‍රහය දක්වන බව කියල දැන් මාස ගාණක් වෙනවා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ඉඩම තමන් සමග අවබෝධතා ගිවිසුමක් ගහන්න යෝජනා කරලා. 


    මෙම ලීස් ගිවිසුමට එස්.එස්.සී විධායක සභාවේ වැඩි දෙනෙක් විරුද්ධ වීම නිසා ලබන සඳුදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවලා තියෙනවා. 


    හාරදහසක් පමණ සාමාජිකත්වයක් තිබෙන ලංකාවේ විශාලතම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වන්නේ රංජිත් පණ්ඩිතගේයි. ඔහු ඩිමෝ සමාගමේද සභාපතිවරයායි .


    එස්.එස්.සී පිටියේ ආලෝක ධාරා පද්ධතිය සවි කිරීමට කොන්ත්‍රාත්තුව අරන් තියෙන්නෙත් පණ්ඩිතගේ සභාපති ධූරය දරණ ඩිමෝ සමාගමම වීම විශේෂ සිද්ධියක්.


    රංජිත් පණ්ඩිතගේ ගේ මෙම කොන්ෆ්ලිෆ්ට් ඔෆ් ඉන්ටරෙස්ට් ක්‍රියාව එස් එස්.සී විධායක සභාවේ වැඩි දෙනකුගේ විරෝධයට හේතු වී තිබෙනවා.


    මෙයට විරෝධය පළ කර මින් එහි හාරකාර මණ්ඩල සාමාජිකයකු ( Trustee ) වන නිමල් ඩයස් ජයසිංහත් පසුගියදා ඉල්ලා අස්වී තිබෙනවා.


    කෙත්තාරාම ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩාංගණ වල ආලෝක ධාරා පද්ධති ඉදිකිරීම් හා නඩත්තු කිරීම් කොන්ත්‍රාත්තුව කරන්නෙත් රංජිත්ගේ ඩීමෝ සමාගමයි 


    තමන් සභාපතිත්වය දරණ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ පිටියටත් ආලෝක ධාරා පද්ධතිය සවි කිරීමේ කොන්ත්‍රාත්තුව ගැනීමෙන් පණ්ඩිතගේ කෝටි ගණනක් උපයා ගන්නවාට අමතරව එස්.එස් සී ඉඩමත් ක්‍රිකට් ආයතනයට පවරා දීමට දරණ උත්සාහය ගැන එස් එස්.සී සාමාජිකයන් රැසක් lankasportsnews අමතමින් තම අප්‍රසාදය පළ කර සිටියා.

    No comments