බොක්සිං තරගාවලිය අතරතුර විනිසුරුවෙක්ට ගුටි පූජාවක්
91 වන ක්ලිෆඩ් කුසලාන
බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග අතරතුරදී විනිසුරුවෙක්ට පිරිසක් පහර දී තිබෙනවා. මෙවර
තරගාවලියට බාලක බාලිකා බර පන්ති 10 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත්ව
සිටියා. එහි අවසන් මහා තරග පැවැත්වෙන අතරතුරදී බොක්සිං වලල්ලෙන් බිමට බට විනිසුරුවකු ශරීර
කෘත්‍ය ඉටුකිරීම සදහා වැසිකිලියට ගොස් තිබෙනවා. එහිදී කිසියම් පිරිසක් මෙම බොක්සිං
විනිසුරුට පරදී ඇත්තේ නින්දිත ලෙසයි. මේ පිටුපස ඇත්තේ රටේ ආරක්ෂාව සදහා සිටින
පිරිසක් ලෙසත් රාවයක් පවතිනවා.
බොක්සිං වලල්ලේදී
පරාජයවූ ක්‍රීඩකයකුගේ ආධාරකරුවන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත්තේ සියල්ලන්ගේ
ඇස්වලට වැලිගසමිනුයි. කෙසේ වෙතත් පහරදීම පිලිබද මේ වන විට පරීක්ෂණයක් කුරුදුවත්ත
පොලීසිය සිදුකරමින් සිටිනවා. කොළඹ රාජකීය විදුහල් බොක්සිං වලල්ලේදී මෙම තරගාවලියේ
අවසන් තරග සියල්ල අද දිනයේ පැවැත්වුණා.
No comments