ක්‍රිකට් බලධාරීන්ට නඩු පිට නඩු වැටෙන්න යයි
සාමාජික ක්‍රීඩා සමාජ වල චන්දයෙන් තේරී පත්වී එම සාමාජික ක්‍රීඩා සමාජ වල චන්ද බලයද අසාධාරණ ලෙස ඉවත් කර එම සාමාජික ක්‍රීඩා සමාජ වලට නීති පනවන ක්‍රිකට් බලධාරීන්ට,එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සූදානම් වන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
මේ වන විටත් චෝදනා 150 ක් සහිතව හිටපු ක්‍රිකට් උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සමක් විභාගයට ගෙන තිබෙනවා.
ඒ සඳහා ක්‍රිකට් ආයතන අරමුදලේ කෝටි ගණනක් වියදම් කරමින් ජ්‍යේෂ්ඨ නීතිඥයන් රැසක් ක්‍රිකට් බලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා.
ඕනෑම සාමාජික ක්‍රීඩා සමාජයක නිලවරණය සඳහා ඉදිරිපත් වීමට නම් අදාල ක්‍රීඩා සමාජයේ වසර දහයක සාමාජිකත්වයක් දරා සිටිය යුතු බවටද නියෝගයක් සියලුම සාමාජික ක්‍රීඩා සමාජ වෙත යොමු කර ඇතැයිද වාර්තා වෙනවා.
මෙය ඉතා අසාධාරණ බවත් අලුතින් තම ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබා ගත් කිසිවකුට ක්‍රීඩා සමාජයේ නිලයකට ඉදිරිපත් වීම වැලැක්වීම සම්බන්ධව ක්‍රීඩා සමාජ කිහිපයකම නිලධාරීන් මානව හිමිකම් නඩු පැවරීමට සූදානම් වන බවක්ද වාර්තා වෙනවා.
No comments