• Breaking News

    කපන්න බැරි වුණු අත ඉඹින ජයන්ත


    කපන්න බැරි අත සමහරු ඉඹිනවා ඔබ දැක තිබෙනවාද?  මෙහි දැක්වෙන පින්තූරයේ දැක්වෙන්නේද එවැන්නක්.


    මීට අවුරුදු ගණනකට පෙර   ඇන්ජෙලෝ මැතිව්ස් පෙරටු කර ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් තම වාර්ෂික කොන්ත්‍රාත්තුවට විරුද්ධව එයට අත්සන් නොකර සිටියදී ජයන්ත ධර්මදාස එවකට  තේරීම් කමිටු සභාපති වරයා වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට කතා කොට ඇන්ජෙලෝ කණ්ඩායමෙන් ඔවත් කරන ලෙස බලපෑම් කළ බව රහසක් නොවෙයි.


    ඒත් ප්‍රමෝද්‍ය එම ඉල්ලීම ඉටු නොකළ අතර ඇන්ජෙලෝ දිගටම ශ්‍රී ලංකා පිල නියෝජනය කළා.


    ඇන්ජෙලෝලාගේ එම සටන පසුව ජයන්තලා දියාරු කර හැරියේ චාමික කරුණාරත්න හරහායි.


    චාමික කළේ යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමග පැමිණ ඇන්ජෙලෝ ප්‍රමුඛ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගේ සටන පාවා දෙමින් හොර රහසේ පැමිණ ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමයි. 

    එයින් ඇන්ජෙලෝලාගේ සටන නිමවූ අතර ඔවුන්ටද  සිදු වූයේ චාමිකලාට පසුව ඇවිත් කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීමටයි.


    එසේ ඇන්ජෙලෝලාගේ සටන පාවා දුන් චාමිකටද අද යන එන මං නැතිව ගිහින්.


    තමන්ව කණ්ඩායමෙන් නෙරපන්න යෝජනා කළ මනුස්සයා තමන්ගේ අන්තිම ටෙස්ට් තරගයට පෙර තමන්ට සුබ පතන විට ඔහු තම කලිසම හැඳ සිටියේදැයි බලන්න  ඇන්ජෙලෝට නොසිතුනේ නම් එය පුදුමයට කරුණක්. ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා වටිනා ජයන්ත වැන්නකු මෙසේ රඟ නොපෑවේ නම් තමා පුදුම විය යුත්තේ.


    No comments