පළාතෙ ක්‍රිකට් බිංදුවේ... ඒත් සම්මාන උත්සව තියන දිස්ත්‍රික් සංගමයක්
ලංකාවේ ක්‍රිකට් කියන්නෙ කීප දෙනකුගේ බූදලයක් බව අපි කියන්නෙ අද ඊයෙ නෙවෙයි. ක්‍රිකට් ස්ටෑන්ඩර්ඩ් එක බල්ලට ගියත් වියදම් කරන්න අවස්ථාවල් හදා ගන්න ක්‍රිකට් පරිපාලකයෝ හරිම දක්ෂයි.
මෙහි තිබෙන පින්තූරය කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් පසුගිය දිනක පැවැත්වූ මහා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයක අවස්ථාවක්.
සභාපති ෂම්මි සිල්වා ගෙනත් ඔහු මුරුංග අත්තේ තබා ලක්ෂ ගණන් වියදම් කර මෙවැනි සම්මාන ප්‍රදානෝත්සව හැම දිස්ත්‍රික් සංගමයකම පැවැත්වීම දැන් සිරිතක් වෙලා තියෙනවා.
කළුතර පාසල් ක්‍රිකට් මට්ටම බිංදුවට වැටිලා තියෙද්දි මොන සම්මාන උත්සවද කියල lankasportsnews එහි සභාපති වරයගෙනුත් රවින් වික්‍රමරත්නගෙනුත් අහන්න කැමතියි.
කළුතර තිස්ස විද්‍යාලයත් සිරි කුරුස විද්‍යාලයත් මෙවර පළමු ශ්‍රේණියෙන් දෙවෙනි ශ්‍රේණියට වැටෙද්දි කළුතර විද්‍යාලය නොවැටී බේරුණේ අනූනවයෙන්.
වැටිල තියෙන ක්‍රිකට් ගොඩ ගන්න වැඩ පිළිවෙලක් නොහදා සම්මාන උළෙලවල් තියන්නෙ ඒකෙනුත් ගාණක් කඩා ගන්න මිසක් මොන කෙහෙල්මලකටදැයි අපි අහන්න කැමතියි.
No comments