• Breaking News

    රවින් වික්‍රමරත්නගෙන් නව ගිනස් වාර්තාවක්


    වැඩිම පුහුණුකරුවන් සංඛ්‍යාවක් වැටුප් ගෙවා නඩත්තු කරන   ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තේ  ශ්‍රී ලංකාවේ බව වාර්තා වෙනවා. 


    මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්   උසස් තාක්ෂණ අංශයේ ( HPC ) පමණක් පුහුණුකරුවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර දිස්ත්‍රික් ,පළාත් පුහුණුකරුවන් හා පුහුණු උපදේශකවරුන්ද 75  කට අධික පිරිසක් බඳවා ගෙන තිබෙනවා. මේ සෑම පුගුණුකරුවකුගේම මාසික වැටුප ලක්ෂ 2 සිට ලක්ෂ 25 දක්වා වෙන බවත්  lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මෑතකදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පැත්තේ ගිය හිටපු ජාතික ක්‍රීඩකයකු  පැවසුවේ එහි පඳුරකට පයින් ගැසුවොත් පුහුණුකරුවන් දුසිමක් පමණ විසි වන බවයි. 


    කටින් කෝච් නමින් ප්‍රසිද්ධ එක්තරා පුහුණුකරුවකු නැවත බඳවාගෙන ඇත්තේ මසකට ලක්ෂ 19 ක වැටුපකට බවත් පන්දු යවන්නන් පුහුණුවට ගෙන ඇති මොහු පිතිකරුවන් පුහුණු කිරීමේ කටයුත්තද කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා. 


    මේ අතර ක්‍රිකට් පිත්තක්වත් අල්ලා නැති දිස්ත්‍රික් පුහුණුකරුවන්ද සිටින බවත් බොහෝ පත් කිරීම් ක්‍රිකට් උසස් නිලධාරීන්ගේ උවමනාවට කර ඇති ඒවා බවත් පැවසූ ඔහු පානදුර ප්‍රදේශයේ පමණක් විස්සක් පමණ පුහුණුකරුවන් ලෙස පත්වීම් ලබා සිටින බවත් පැවසුවා.


    මේ පත්වීම් සියල්ල උප සභාපති රවින් වික්‍රමරත්න විසින් කරනු ලබන පත්වීම් බව කියවෙනවා. මේ අනුව ක්‍රිකට් මට්ටම කෙසේ වෙතත් පුහුණුකරුවන්ගේ ගණනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ළඟදීම  නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට නියමිතව  ඇතැයිද වාර්තා වෙනවා.

    No comments