ලංකාවට අවුරුද්දකට ටෙස්ට් තරගයක් නැත්තේ මාපටුනගේ කම්මැලි කමෙන්
බංග්ලාදේශය සමග පසුගියදා අවසන් වූ දෙවෙනි ටෙස්ට් තරගයෙන් පසු මාස 12 කට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරගයක් නොමැති බවට මේ දිනවල මැසිවිල්ලක් නැගෙමින් පවතිනවා. ටෙස්ට් තරගාවලියට සහභාගි වද්දී මෙසේ වසරකට ටෙස්ට් තරගයක් නොමැති වීම ලංකාවට මෙන්ම ක්‍රීඩකයන්ටද ලොකු පාඩුවක් බව කියවෙනවා.
මෙය ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ වරදින් සිදු වූ අතපසු වීමක් බව කිව යුතුයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සංචාර සැලසුම් පිළියෙළ කරන්නේ ඒ වෙනුවෙන් විශාල වැටුපක් ගෙවනු ලබන නිලධාරියකු විසිනුයි.
ඒ චන්දිම මාපටුන නම් නිලධාරියායි. වරින් වර ශ්‍රී ලංකා කණ්ඩායම සමග විශාල ඩොලර් දීමනාවක් සමග විදෙස් සංචාර වලටද එක්වෙන මොහුගේ අකාර්යක්ෂමතාව නිසා කලක් ඒ කණ්ඩායමට හා 19 න් පහළ කණ්ඩායම් වලටද සංචාර එතෙර හෝ මෙතෙර තිබුණෙ නැහැ.
වාර්ෂිකව තම වැටුප නම් වැඩි කර ගන්නා මොහු මේ රැකියාවට ඇවිත් අවුරුදු දහයකටත් වැඩියි.
මොහුව රැකියාවට ගත්තේ නිශාන්ත රණතුංගගේ උදව්වෙන් වුණත් කුමන සභාපති වරයෙක් යටතේත් තම රැකියාව ආරක්ෂා කර ගැනීමේ සට කපට කමක් මොහුට තිබෙන බව ක්‍රිකට් විධායක නිලධාරියකු lankasportsnews වෙත පැවසුවා.
තමන්ට වසරකට රතු පන්දුවෙන් තරග නැති බව ක්‍රීඩකයන් මැසිවිලි නගද්දී ක්‍රිකට් බලධාරීන් නින්දෙන් නැගිට කෙසේ හෝ ඉදිරි වසර තුළ ටෙස්ට් තරග කිහිපයක් ලබා ගන්නා බව පැවසුවත් මාපටුන වැනි නිදිමතයකු මගින් එය කරවා ගැනීම අපහසු කටයුත්තක් බව ෂම්මිලා නොදන්නවා විය හැකියි.
ක්‍රිකට් ආයතනයේ විශාල වැටුප් ලබන ගන්නා වැටුපට හා වරප්‍රසාද වලට කිසිදු සේවයක් නොකරන මාපටුනලා වැනි තවත් නිලධාරින් රැසක් ඉන්න බව lankasportsnews කියන්නේ වගකීමෙන් යුතුවයි. මෙවැනි අනිකුත් සරීර හොරුන් ගැන අප ඉදිරියේදී හෙළිදරව් කරන්න සූදානම්.
No comments