බෝන් අගේන් ව්‍යාධිය දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් වල දරුණු ලෙස ඔඩු දුවා ඇති බව lankasportsnews වගකීමෙන් යුතුව වාර්තා කරයි.
ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් ගැනීමට මෙන්ම ක්‍රිකට් පුහුණු අංශයේ ජොබ් එකක් ලබාගැනීමට පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ බෝන් අගේන් නිකාය වැළඳ ගෙන එහි අනුගාමිකයකු වීම විශේෂ සුදුසුකමක් විය යුතුව තිබෙනවා.
ජෙෆ්‍රි වැන්ඩසේ, භානුක රාජපක්ෂ වැන්නන් මෙම නිකායේ හොඳම අනුගාමිකයන් වද්දී රුවන් කල්පගේ , ජෙරොම් ජයරත්න, තිළිණ කණ්ඩම්බි, රොජර් විජේසූරිය , පියල් විජේතුංග , ඉයන් ඩැනියෙල් වැනි පුහුණුකරුවන්ද මෙම නිකායේ අනුගාමිකයන් වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පාස්ටර් ජෙරොම් කර ඇති බලපෑම ඔබට හිතා ගත හැකියි.
මේ ළඟදී තමන් විසින් බෝන් අගේන් අනුගාමිකයකු කර ගත් ඉයන් ඩැනියෙල් පුහුණුකරන එන්සීසී ක්‍රීඩා සමාජයේ තරගයක් නැරඹීමට පාස්ටර් ජෙරොම් පැමිණ තිබෙනවා.
හාස්කම් ප්‍රාතිහාර්ය පෑමේ සූරයකු ලෙස ලෝකයට පෙන්වුවත් පාස්ටර්ට ඒ තරගය එන්සීසී පිලට දිනා දීමට නොහැකිව තිබෙනවා.
මේ යන විදියට ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාත් බෝන් අගේන් සාමාජිකයකු බවට පත් වුවොත් පුදුම විය යුතු නොවන බව ක්‍රිකට් ආයතනයේ සේවකයෝ පවසනවා.
No comments:
Post a Comment