ගාල්ල ක්‍රීඩාංගණය ලංකාවට ටෙස්ට් තරග ජය ගන්නම තියෙන ක්‍රීඩා පිටියක්. ඉතිහාසයේ සිටම ගාල්ල පිටියේ තණ තීරුව හදන්නේම දෙවෙනි දිනයේ සිටම පන්දුව හොඳින් දඟ කැවෙන අන්දමටයි.
මුරලි , රංගන හේරත් ගහන කාලයේ මේ ක්‍රීඩාංගණයේ මුලින් ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන්නොත් තරග වැඩි ගණනක් ලංකාව ජය ගන්නේ දින තුන හමාරකින් විතර.
ඒ කාලයේ මේ තණතීරුව සැකසුවේ අනුරුද්ධ පොළොන්නෝවිට හා ජයනන්ද වර්ණවීරයි.
ඉන් පස්සෙ ගොඩ්ෆ්‍රි දාබරේරායි.සනත් ජයසූරිය තේරීම් කමිටු සභාපති කාලයේත් ඉන්පසු පුහුණුකරු වූ පසුත් ගාල්ල තණතීරුව සකස් කළේ ගොඩ්ෆ්‍රියි.
සනත්ගේ කාලයේ ගාල්ල තණ තීරුව සනත්ට ඕනෙ ආකාරයට හදල දෙන මැජික් එක ( කතුර ) තිබුණෙ ගොඩ්ෆ්‍රි ළඟයි.
සනත්ගේ කුඹුර ලෙසත් සෝෂල් මීඩියා වල ගාලු තණතීරුව හඳුන්වන්න ගත්තා.
ඒත් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය ලෙස පැවැත්වූ ඊයේ අවසන් වූ ගාල්ලේ ටෙස්ට් තරගය ලංකාවට වාසිදායක වුණේ නැහැ.
ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේදී වැඩි ගෞරවය දිනා ගත්තේ බංගලියන්.
මේ දිනවල බින්දුවේ සිටිම්න් ලංකාවට ආ බංගලියන් ඉදිරියේ ලංකාව බොහෝ විට ජය ගන්නා ගාලු පිටියේ බංගලියන් මෙසේ තරගය අවසන් කළේ සනත් ජයසූරියගේ කුඹුරේ කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දෙමින්.
පැතුම් නිස්සංකගේ 187 නොවුණා නම් බංගලියන් මේ තරගය අනිවාර්යයෙන් දින්නත් ඉඩ තිබුණා.
මේ ප්‍රතිඵලය දිහා බලද්දි එක්කෝ අපේ කණ්ඩායම දුර්වල වී ඇති බවක් හෝ වෙනදා සංචාරක කණ්ඩායම් පිතිකරුවන්ට භීතිකාවක් වන තණතීරුව මෙවර එසේ නොහැසිරුණු බවක් හෝ තම ටෙස්ට් කඩුලු 118න් 80 ක්ම ගාල්ලේ ලබා සිටි ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමේ රිද්මයේ බරපතල කඩා වැටීමක් සිදුව ඇති බවක් නැත්නම් මේ කරුණු සියල්ලම හේතු වී ඇති බවක් දකින්න තියෙනවා.
ඒත් බොහෝ දෙනෙක් නොදන්නා තවත් කරුණක් මේ පිටුපස තියෙනවා. වෙනදා සනත්ට ඕනෑ ආකාරයට ගාලු තණතීරුව හදා දෙන මැජික් එක මෙවර ගාල්ලේ නොතිබුණු බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
වෙනදා මේ තණතීරුව සකසන ගොඩ්ෆ්‍රි දාබරේරා මෙවර ගාල්ලේ දකින්න සිටියේ නැහැ. ඒ මීට සති කිහිපයකට කලින් ඔහු වැඩ තහනමකට ලක් කොට ගෙදර යවා තිබීම නිසයි.
ලංකාවේ ප්‍රධාන කියුරේටර් නොමැතිව ටෙස්ට් තරගයක් පැවැත්වූ ප්‍රථම වතාව මෙයයි.
ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් වූ මෙහිදී දුර්වල බංග්ලාදේශ පිල පැරදවීමට තිබුණු අවස්ථාවක් ක්‍රිකට් බලධාරීන්ගේ අමන ක්‍රියාවලින් මග හැරී ගිය බව නම් කිව යුතුයි.
සනත්ගේ කුඹුර නම් මෙවර ඔහුට අවශ්‍ය පරිදි සැකසී නොමැති බවත් සුපුරුදු පරිදි දශකයකටත් අධික කාලයක් දඟ පන්දු පුහුණුකරු හැටියට ඉන්නා පියල් විසින් ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමද අවසන් කොට ඇති බවත් පිළිගත යුතුයි.
මේ තරගයේ ඉනිම දෙකේදීම ලකුණු 246 ක් දී ප්‍රභාත් ජයසූරියට ලබාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණක් වීම මීට හොඳම නිදසුනයි.
නිත්‍ය තණ තීරු සකසන්නා නොමැතිව ටෙස්ට් තරග වල තණ තීරු හැදීමෙන් එක්තරා කතාවක් මතක් වෙනවා. ඒ වෙනදා නයා තම ස්වාමියාගේ නලාවට නටද්දී ඔහු නැතිව තනියම නටන්නට ගොස් සිදු වූ ඇබැද්දියයි.
No comments:
Post a Comment