ක්‍රිකට් වල දිස්ත්‍රික් මට්ටමේ හොරු හෙළිදරව්ව 1 - මඩකලපුවේ බාලදක්ෂ හොරා
වත්මන් ක්‍රිකට් බලධාරීන්ගේ දිස්ත්‍රික් මට්ටම් වල ඉන්නා ගෝලයන්ද ඔවුන් මෙන්ම හොර ගුඩ්ඩන් ය. මේ සමහර දිස්ත්‍රික් සංගම් නිලධාරීන්ද අවුරුදු ගණන් ඒවායේ නිලතල දරණ අතර අනීතිකව අත යටින් මාසික වේතනයක්ද ලබමින් බත් පැකට් එකේ ඉඳන් ගසා කන්නන් බව රහසක් නොවේ.
ඉදිරියේදී මේ ගෝල බාලයන් ගැනද සියලු තොරතුරු හෙළි කරන්නට lankasportsnews සූදානම්.
අද අපි මුලින්ම හෙළිදරව් කරන්නේ මඩකලපු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වරයා ගැනයි.
විවේකානන්දන් ප්‍රතීපන් හෙවත් බාබු යන මොහු වසර විස්සකට ආසන්න සංඛ්‍යාවක් මඩකලපු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කරනවා.මේ වෙනුවෙන් මොහු ලක්ෂ දෙකක වැටුපක් ක්‍රිකට් ආයතනයෙන් ලබා ගන්නවා. දිස්ත්‍රික් සංගම් නිලධාරීන්ට මෙසේ වැටුප් ගෙවීම නීති විරෝධීයි.මඩකලපු දිස්ත්‍රික් සභාපති නඩරාජා බර්ටි රන්ජන්ය. හොර ඉංජිනේරුවරයකු වන ඔහුද ක්‍රිකට් ආයතනයෙන් වැටුපක් ලබනවා.
තිලංග සුමතිපාලගේ සිට ෂම්මි සිල්වා හා සුජීව ගොඩලියැද්ද දක්වා අල්ලාගෙන මඩකලපු දිස්ත්‍රික්කයේ ක්‍රිකට් බලය පතුරුවාගෙන සිටියත් මඩකලපුවේ ක්‍රිකට් තාමත් ඇත්තේ ළදරු මට්ටමේය.
එහෙත් මුන්ගේ පොකට් නම් පිරිලාය.
හරි හැටි රැකියාවක් නොකළත් මඩකලපුවේ විවිධ සංගම් සංවිධාන වල නිලතල දරණ මොහු මඩකලපු දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේද සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
එහෙත් රුපියල් ලක්ෂ 10 ක වංචාවක් හේතුවෙන් මොහු ඉන් ඉවත් කර තිබෙන අතර එම මුදල මසක් ඇතුළත පියවන්නට නොහැකි වුණොත් නඩු පවරන්න යන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
No comments