• Breaking News

    ලංකාවේ ක්‍රිකට් වනසන විනි සොරුන් - Exclusive Video Exposed


    ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් ක්‍රීඩකයන් ගැන මිසක් විනිසුරුවො ගැන කතා කරනවා අඩුයි. අදමිටු පාලකයො ගැන බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය කතා නොකරද්දි lankasportsnews ඔවුන් ගැනත් බොහෝ දේ හෙළිදරව් කළා. අද lankasportsnews අවධානය යොමු වෙන්නෙ ක්‍රිකට් විනිසුරුවො ගැනයි.



    අද ගාල්ලේ ආරම්භ වන කොදෙව් පිල සමග ටෙස්ට් තරගයේ අතිරේක විනිසුරු වන්නේ ලින්ඩන් හැනිබල්. මොහු කාලයක් මුළුල්ලේ ඉහළම ශ්‍රේණිගත කිරීමකින් ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලට ඇතුලත් අයෙක්. දේශීය තරග වල හොඳ නමක් හා ක්‍රීඩකයන් අතර විශ්වාසයක් ගොඩ නංවාගැනීමේ අසමත් විනිසුරුවරයකු වුණත් හැනිබල් මෙසේ ඉහළම ශ්‍රේණියේ සිටීම බොහෝ හොඳ විනිසුරුවරුන්ගේ කතා බහට ලක්වෙලා තිබෙනවා.


    මේ සඳහා ක්‍රිකට් විනිශ්චය ගැන මෙලෝ හස‍රක් නොදන්නා ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුවත්, එහි විනිසුරු උපදේසකයකු ලෙස සේවය කරන *කන්න බොන්න* බැරි විජේවර්ධනත්, අයිසීසී විනිසුරු නියෝජිත පීටර් මැනුවෙලුත් හැනිබල්ට හොඳ සහයක් දක්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

    පසුගියදා තිබුණු රාජකීය - සා.තෝමස් මහා ක්‍රිකට් තරගයේදී ඔහු සා.තෝමස් පිලට වාසි සහගත වින්ශ්චයන් කීපයක්ම දුන්නා. මෙහි දැක්වෙන්නේ එවැනි අවස්ථා දෙකක්. මේ හේතුවෙන් සා. තෝමස් පිල මුල් ඉනිමේ අවමානයෙන් බේරුණා.

     

    හිට් විකට් වනු හා යාර ගනනක අඩු ලකුණක් ( short run) නොදකින්න නම් ඔහුගේ ඇස් පෙනීම හොඳටම දුර්වල විය යුතුයි.
    එහෙම නැත්තන් ඔහු සා.තෝමස් පිලෙන් ජරාවක් කා තිබිය යුතුයි.



    මීට පෙර පවත්වපු රාජකීය- සා.තෝමස් මහා ක්‍රිකට් තරගයකදීද කොට්ටච්චි නම් විනිසුරු වරයකු මෙලෙසම පක්ෂග්‍රාහීව තීරණාත්මක අවස්ථාවක දුවද්දී දැවී යාමක් නොදී හිටියා. දැන් ඔහුට මේ තරගය තහනම්. තවත් විශේෂ දෙයක් නම් ක්‍රිකට් විනිසුරුවන්ට උපදේශකයකු ලෙස කටයුතු කරන ධර්මසේනත් මොහුට සහාය දැක්වීමයි.


    ඉංගිරිසියෙන් කතා කිරීමට හැකි පමණින් පිටිය මැද පිස්සු කෙළින මෙවැනි විනිසුරන් කරන්නේ නැගී එන තවත් දක්ෂයකුගේ අවස්ථාව නැති කිරීම බව ජ්‍යේෂ්ඨ ක්‍රිකට් විනිසුරුවරයකු lankasportsnews වෙත පැවසුවා. මොවුන් විනිසුරන් නොව විනිසොරුන් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.


    No comments