• Breaking News

    දිල්ශාන් හා මහරුෆ් තරගය පාවාදුන්නාද ? බැරල් බෝම්බයක්

    රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙනවා. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් එක්ව සිටිනවා. ඒ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන්. තරගාවලියට රටවල් 05 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටිනවා.

    රවුන් රොබින් ක්‍රමයට හෙවත් සියලු කණ්ඩායම් පළමු වටයේදී එකිනෙකා හමුවේ තරග වදිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට එක්වූයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගයි. එම තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුවුණා.

    දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට පැවැත්වුනේ සත්කාරක ඉන්දියා කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාවාදුන්නාදැයි සැක මතුවන බව ක්‍රිකට් විචාරකයන් පවසනවා.

    මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීම ඉන්දියාව තෝරා ගත්තා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 138 ක් ලබා ගත්තා.


    පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකරුවන්ට රිසි සේ ලකුණු රැස්කිරීමට හැකිවූයේ නෑ. මේ හේතුවෙන් 17 වන පන්දුවාරය දක්වා ජයගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ජයග්‍රහණයට නම් ඉන්දියාව පන්දු 18 කදී ලකුණු 39 ක් ලබාගතයුතු වුණා. එහෙත් කාක්කන්ට ආප්ප දානවාක් මෙන් වූ මහරුෆ් යැවූ 17 වන පන්දුවාරය ඉන්දියාවට ජයග්‍රහණය පහසුකළ එකක් බවට පත්වුණා. එම පන්දුවාරයේ ලකුණු 26 ක් පිරිනැමුවා. අනතුරුව ජයග්‍රහණය තවත් පමා නොකළ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පන්දු 04 ට ඉතිරි ලකුණු 13 ලබාදුන්නා. මේ අනුව ඉන්දියාව පන්දු 08 ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහණය වාර්තා කළා.

    මෙම පන්දුවාර දෙක මුදලට පාවාදුන්නාදැයි සැක මතුවන බවයි ක්‍රිකට් විචාරකයන් පවසන්නේ. තරගයෙන් පසුව ශ්‍රී ලංකා නායක ඩිල්ෂාන් හැසුරුණු ආකාරය එම සැකය වඩා තීවෞර කරන බවයි එම විචාරකයෙක් lankasportsnews වෙත පැවසුවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්ධන ඒකකය මෙම තරගාවලිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුයි. මුදලට තරග පාවාදෙන්නන්ගේ පාරාදීසය වූ නමගිය බුකීකරුවන්ගේ තෝතැන්න ඉන්දියාවයි.


    ශ්‍රී ලංකාවේ මෙම සැකයට තුඩුදී ඇති ක්‍රීඩකයන් දෙදෙනාම මෙලෙසම මුදලට තරග පාවාදීම් සදහා මේට පෙරදී සැකයට ලක්වූවන් වීම කැපී පෙනෙනවා.



    No comments