නිෂාන්ත අණතුංග නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට - Lanka Sports News

Breaking

Saturday, May 19, 2018

නිෂාන්ත අණතුංග නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට


ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සදහා නිලවරණ කමිටුව පත්කිරීම අද සිදුවුණා. ඒ අද පැවති ක්‍රිකට් ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමක්. එහිදී පංච පුද්ගල නිලවරණ කමිටුව පත්කර තිබෙනවා. ඊට කොමදෝරු සනත් උත්පල / එච් ඩී ජූඩ් පෙරේරා / දේවසිරි බණ්ඩාර නීතීඥයින් වන රසික වීරතුංග / බුද්ධික ඉලංගතිලක යන මහත්වරුන් ඇතුලත්. මෙම කමිටුව පත්කිරීමේ විශේෂ මහ සභා රැස්වීමට සභාපති අපේක්ෂකයින් තුන්දෙනාම පැමිණ සිටියා. ඒ වත්මන් සභාපති තිලංග සුමතිපාල / හිටපු සභාපති මොහාන් ද සිල්වා සහ හිටපු ලේකම් නිෂාන්ත රණතුංග යන මහත්වරුන්. මෙවර නිලවරණයේදී සාමාජික ජන්ද 144 ක් භාවිත කිරීමට සිදුසුකම් ලබා ඇතැයි නිවේදනය කළා. තවත් ජන්ද 03 ක් නීතීමය ගැටළුවක් හේතුවෙන් භාවිත කිරීමට හැකිවන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති. නිලවරණය සදහා භාරදී ඇති නාමයෝජනා විවෘත කිරීම සිදුකරන්නේ මෙම කමිටුව විසින්. පසුව නාමයෝජනා පිලිබද සාමාජිකත්ව දැනුවත් කිරීම සිදුවනවා. එය ඉදිරි දින කිහිපය තුල සිදුවීමට නියමිතයි. අනතුරුව එම නාමයෝජනා සදහා විරෝධතා භාරගැනීම සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ. 



No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages