• Breaking News

    දයාසිරි ඉල්ලා අස්වෙයි ?


    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය අමාත්‍යධූරයෙන් ඉවත්වීමට කැමති බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී මේ වන විට දින තුනක් ගතවී අවසන්. රජයේ මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීමට කැමති බව 16 දෙනාකු ඔහු සමගින් ප්‍රකාශ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාවට ක්‍රීඩා අමාත්‍යවරයා පක්ෂව ඡන්දය ලබා දුන්නා. එහිදී ඔහු සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති මෙම ඇමතිවරු 16 ක් එක්ව සිටියේ ඒකාබද්ධ විපක්ෂයටයි. මේ අනුව ඔවුන්ගේ අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර අහෝසිකිරීමට විශ්වාසභංගයක් ගෙන ඒමට මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානම් වනවා.

    එහෙත් එය වලක්වා තවදුරටත් අමාත්‍යධූරයේ සිටීමට අවශ්‍ය කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස ජනාධිපතිවරයා සමග එක්වී සිදුකරමින් සිටිනවා. මේ අනුව හවුල් ආන්ඩුව තවදුරටත් ඉදිරියට යනු ඇති. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ කැරැල්ල සාර්ථක වුවහොත් ක්‍රිඩා අමාත්‍යධූරය නවීන් දිසානායක මහතාට හිමිවනු ඇති. ඒ ඔහුට ක්‍රීඩා අමාත්‍යධූරයේ අත්දැකීම් තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ පිලිබද අවසන් තීරණය හෙට ගන්නා බවයි ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත රජයේ ප්‍රභල අමාත්‍යවරයකු කියා සිටියේ.

    No comments