• Breaking News

    ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් දොට්ට


    බුවනෙක හේරත් මහතා නව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද වැඩ භාර ගත්තා. ඒ සමන් බණ්ඩාර මහතාව ක්‍රීඩා අධ්‍යක්ෂධූරයෙන් ඉවත්කිරීම හේතුවෙනුයි.  මෙතෙක් කල් තනතුරේ කටයුතු කළ ඔහු නිසි ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පිලිපැද්දේ නැහැ. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී අමාත්‍ය උපදෙස් පිලිපැදීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළේ නැහැ. මේ හේතුවෙන් අමාත්‍යවරයා කටින් බතල හිටවන්නකු බවට පත්වුණා. නිලවරණයට පෙර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවකට සභාපතිවරයාට / ලේකම්වරයාට හා භාණ්ඩාගාරිකවරයාට යලි ජාතික ඔලිම්පික් කමිටුවට පත්වීමට අවස්ථාව ලබා නොදෙන බවයි. නමුත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හැකිවුනේ නැහැ.
    මේ අතර ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ ජන්දය ලබාදීමට අතුරුකමිටු පාලනයක් පවතින සංගම් සදහා අවස්ථාව ලබා නොදෙන බවත් අමාත්‍යවරයා පැවසුවා. එය ක්‍රියාත්මක කිරීමටත් ඇමතිවරයාට හැකිවූයේ නැහැ. මෙම කටයුතු සදහා ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සහය ලබා නොදීම තීරණ කටයුතු කිරීමට නොහැකිවීමට හේතුව වී තිබෙනවා. මේ අනුවයි ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට සිය තනතුර අහිමිවී ඇත්තේ.

    No comments