• Breaking News

    ජාතික කොඩිය විකෘති කරලා


    21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය විකෘති කර තිබෙනවා. ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගත් පසු ජාතික ධජය ඔසවනු ලැබුවා. එහි තැඹිලි පාට තීරුව දිස්වන්නේ සුදු පැහැයට හුරු ලා කහ පැහැයකින්. ක්‍රීඩා උළෙල බලධාරීන් භාවිත කරන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ලබාදෙන ජාතික ධජයයි. එසේ නොවන්නේ නම් වැරදි කොඩි එසවීම වැලැක්වීමට ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන්ට වගකීමක් තිබෙනවා. එය අද දිනයේ සිදුවූයේ නම් අතපසුවීමක් ලෙස සිතා අමතක කළ හැකියි.

    එහෙත් ඊයේ දිනයේ පැවති සමාරම්භක උළෙල පැවති අවස්ථාවේ ශ්‍රී ලංකා ධජය චින්තන ගීතාල් විධානගේ රැගෙන ගියේද මෙවැනිම ඔජයක්. මෙම අතපසුවීම හෙට දිනයේදී හෝ නිවරදි වෙයිද ? ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් රැසක් මෙවර තරගාවලියට ගොස් ඇත්තේ නිවාඩුව ගත කිරීමටදැයි ඇසීමට සිදුවන්නේ මෙම තත්වය තුලයි. ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා සිය බිරිද සමගයි සුපුරුදු ලෙස මෙම තරගාවලියට ගොස් ඇත්තේ. තනතුර වෙනුවෙන් හිමිවන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම පමණක් නොවෙයි සිදුකළ යුත්තේ. මෙවැනි වැරදි සොයා බැලීමටත් ඔවුන් කටයුතු කළ යුතුයි.



    No comments