• Breaking News

    NOC තහනම් ගහේ ගෙඩි කයි ?


    ජාතික ඔලිම්පික් කමිටුව අධිකරණයෙන් වාරණයට ලක්කර ඇති ජාතික හොකී සංගමයේ නිලධාරීන්ට එළබෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම භාරදීමට උත්සාහ කරමින් සිටිනවා. මෙය ක්‍රීඩා නීතිය මෙන්ම අධිකරණය හෑල්ලු කිරීමක්. හොකී සංගමයේ හිටපු සභාපති සුමිත් එදිරිසිංහට හා එහි ලේකම් ලෙස කටයුත් කළ ගාමිණී ජයසිංහට කිසිදු ක්‍රීඩා කටයුත්තකට හොකී සංගමය නියෝජනය කරමින් එක්වීම අධිකරණය පසුගියදා වාරණයට ලක්කළා. ඒයටතේ හොකී සංගමය නියෝජනය කරමින් මෙරට ක්‍රීඩා පරිපාලනයේ කිසිදු කරටයුත්තකට එක්වීමද එහිදී වාරණයට ලක්වුණා. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ඔවුන්ව තහනමට ලක්කර තිබෙනවා. එය ගණන් නොගෙන මෙලෙස කටයුතු කිරීම අපහාස කිරීමක් නොවේද ? අධිකරණයට අපහාස කිරීම යටතේ ඔවුන්ව හිරේ දායි ? ජාතික හොකී සංගමය නියෝජනය කරමිනුයි සුමිත් එදිරිසිංහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙස පත්වූයේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල කණ්ඩායම් ප්‍රධානී තනතුර ගාමිණී ජයසිංහව නම් කරීමට තරම් ඔලිම්පික් කමිටුව ලැජ්ජා බය නැතිවීම මෙරට ක්‍රීඩාවේ අභාග්‍ය නොවේද ?
    ජාතික ඔලිම්පික් කමිටුව මෙරට ක්‍රීඩා නීතියට අවනත නොවීම කණගාටුවට කරුණක්. පසුගිය කාලය පුරාම ඔවුන් මෙරට ක්‍රීඩා නීතියට අවනත වූයේ නැහැ. ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා සංගම් සෑම වසරකට වරක්ම ගිණුම් වගණනය කළ යුතුයි. 2013 සිට 2017 දක්වා ගණුම් විගණනය කළේ එකවර පසුගියදායි. මේ අනුව වත්මන් ලේකම්වරයාට බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. එහෙත් බලයට හා මුදලට මෙන්ම නිලයට කෑදර අය ඒවා අතහරින්නේ නැහැ. හොරකම් හෙලිවීම වැලැක්වීමට නම් ඔවුන්ට දිගටම බලයේ සිටීමට සිදුවනවා. නැතහොත් ඔවුන්ගේ රූකඩ බලයට ගෙන ආ යුතු නොවේද ?



    No comments