සිංහ හම් පෙරෝ ගත් නරියා - ඇමති දයාසිරි
මෙරට සිටින හොදම ජිම්නාස්ට්ක්
ක්‍රීඩකයාගේ නම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ඇතුලත් කිරීම ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද
සිල්වා මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ජිම්නාස්ටික්
සංගමය තමන්ට සදහා සහය ලබා නොදීම හේතුවෙන් බවත් ලේකම්වරයා එම ක්‍රීඩකයාට දැනුම්දී
ඇතැයි සදහන්. ජාතික ජිම්නාස්ටික් සංගමයට දැනුම් දී ඇත්තේ ප්‍රමාදව ඉල්ලුම් පත්‍රය
ලැබීම ඊට හේතුව බවයි. ජිම්නාස්ටික් ක්‍රීඩක ඩිල්ෂාන් කවින් මෙලෙස අසාධාරණයට ලක්වී
ඇති ක්‍රීඩකයායි. ඔහු ජීවත් වන්නේ ඇමරිකාවේ. එහි සිට සිය පුහුණුවීම් තම මුදල්
වියදම් කර සිදුකරන ඔහු එරට තරග රැසකදී ජයග්‍රහණ වාර් ථා කර තිබෙනවා. මේ හේතුවෙන්
ලබන අප්‍රේල් 05 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට්හි පැවැත්වීමට නියමිත
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජයගත
හැකි ක්‍රීඩකයෙක් එක්කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අහිමිව යාම කණගාටුවට
කරුණක්. ජාතික ඔලිම්පික් කමිටුව සිය බූදලය ලෙස සිතා සිටින එහි ලේකම් මැක්ස්වෙල් ද
සිල්වා මහතාට එරහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගැනීම
කඩිනම් කළ යුතුයි. මෙලෙස ඔහු රටට හිමිවූ අවස්ථා කීයක් නම් පැහැරහැර ඇත්ද ? වරක් ක්‍රීඩා
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ වත්මන් සභාපති / ලේකම් හා භාණ්ඩාගාරිකට
යලිත් නිලවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන බවයි. එහෙත් මෙතෙක් එය ක්‍රියාත්මක
කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර නැහැ. සෙසු සියලු සංගම් සදහා ක්‍රීඩා අමාත්‍යවරයා
සිංහයෙක්. එහෙත් ජාතික ඔලිම්පික් කමිටුවට නම් සිංහ හම් පෙරෝ ගත් නරියෙක්.
No comments