• Breaking News

    චන්දිමාල්ට නායකත්වය - මාලිංග දොට්ට

    බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ නායකත්වයත් දිනේෂ් චන්දිමාල්ට ලබා දී තිබෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්. මේ අනුව ටෙස්ට් / එක්දින හා පන්දුවාර 20 එක් නායකයකු යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුක්කානම හිමිවූ මෑතකාලීන අහඹු අවස්ථාව ලෙස මෙය හැදින්විය හැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් නායකයකු යටතට පත්කළ නොහැක්කේ ඊට සුදුසු ක්‍රීඩකයකු නොවීම හේතුවෙන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. එහෙත් දිනේෂ් චන්දිමාල් ඔවුන්ගේ මතය පුස්සක් බව තහවුරු කරමින් සිටිනවා.

    මේ අතර ලසිත් මාලිංග බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා. පසුගිය තරගාවලි සදහාද ඔහුව සලකා බැලුනේ නැහැ. ඒ දක්ෂතා අතර නොවීම හේතුවෙන්. කෙසේ වෙතත් ලසිත් මාලිංග පැවසුවේ තමන් 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දක්වා ක්‍රීඩා කරන බවයි. එහෙත් ඔහුට ජාතික කණ්ඩායමට එක්වීමට නම් දේශීය තරගවල දක්ෂතා දැක්විය යුතු වනවා. බංග්ලාදේශ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මෙම වෙනස්කම් ඇතුලුව කණ්ඩායම මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම්කර නැහැ.

    No comments